|

ඉන්දියාව සහ පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට වසර හයක ණය සහන කාලයක්

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව…

|

ණය හිමියන් සමග සාකච්ඡාව ලබන සතියේ ලන්ඩන් හි දී

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පෞද්ගලික ණය හිමියන සමග සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙන බව බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට ඇත. ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සෙනෙවිරත්න සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් සහභාගී වනු ඇති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

|

වැට් බලපෑමක් නැහැ – ජාතික උද්ධමනය පහළට

ආණ්ඩුව වැට් බදු වැඩි කිරීම නිසා රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇති බවට විපක්ෂය කළ පුරෝකථන බොරු කරමින්,  2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට ජාතික උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වෙයි.. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය…

| |

වැඩ සටහන සාර්ථකයි ; එකඟත්වයට පැමිණියා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව මුල්‍ය අරමුදල  නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය. එයට අධ්‍යක්ෂ  මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඵල දරන බව එම…

|

ඩොලරය බහින එක හොඳද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන…

ලංකාවේ ජනගහණය අඩු වෙයි! – ඉකොනොමැට්ටා

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි. රටක ජනගහණය වෙනස් වීමට හේතු වන…

|

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව

වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි.  යෝජනා ඉල්ලීම් කැඳවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලිට්රෝ වැනි රාජ්‍ය ව්‍යවසායන් විකිණීමෙන් වළකින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ නායකයෙක් වන සුනිල් හඳුනෙත්ති මහතා රජයෙන් (සහ මිලදී නොගන්නා ලෙස අනාගත ගැනුම්කරුවන්ගෙන්…

|

ඩොලරය රුපියල් 303.90 ට බහී

එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 303.90 දක්වා අඩු වී ඇති බව වාර්තා වෙයි. අද උදෑසන ඩොලරයක් අලෙවි වී ඇත්තේ රුපියල් 303.90 සිට 304.05 අතර මිල ගණන්වලට ය.

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද? – ඉකොනොමැට්ටා

ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්‍ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක්…

සංචිත වැඩි වෙන්නේ ණය නොගෙවන නිසාද? – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසර අවසන් වෙද්දී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400 දක්වා වර්ධනය වී තිබුණා. ඊට වසර එක හමාරකට පමණ පෙර පැවති තත්ත්වය හා සසඳන විට මෙය කෙතරම් සතුටු විය හැකි තත්ත්වයක්ද කියා විස්තර කිරීමට මා වචන නාස්ති කරන්නේ නැහැ. සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ විදිහට විදේශ සංචිත වර්ධනය වී තිබෙන්නේ දැනට රජය…

|

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි! – ඉකොනොමැට්ටා

පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 2.3%කින් හැකිලී තිබෙනවා. තෙමසකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබුණේ 2023 වසර තුළ ශ්‍රී ලංකා…

|

ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක්

පසුගිය 2023 වසරේ අවසාන  කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක් සිදු වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත. ඒ අනුව වසරේ මුල් කාර්තු දෙකේ දී පිරිහීමක් වාර්තා කළ ආර්ථිකය තුන්වන කාර්තුවේ සිට වර්ධනය වන්නට පටන්ගෙන ඇති බව තහවුරු වෙයි. මෙම කාර්තුව තුළ කර්මාන්ත ක්ෂේත්‍රයේ සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කොට ඇති…