අයවැය – උප සිරැසි නැතිව දෙමළ චිත්‍රපටියක් බැලුව වගේලු !

මෙවර අයවැය කතාව බැලීම උප සිරැසි නැතිව දෙමළ චිත්‍රපටියක් බැලුව වගේ කියා කතාවක් අන්තර් ජාලයේ ප්‍රචාරය වන බව දැනගන්නට ඇත . එම කතාව සංවිධානයේ තිබූ ප්‍රශ්නත් ඉහි විශාල කොටසක් ප්‍රකාශ නොකර සභාගත කිරීමත් නිසා මෙබදු තත්ත්වයක් පන නැගී ඇත . කෙසේ වෙතත් ඇතැම් භාණ්ඩ මිල අඩුකළ බවත් , අදායම් බදු සහන ලබාදුන් බවත් අයවැය මගින්…

‘සොච්චම් විශ්‍රාම වැටුපක් එපා’ – වෘත්තීය සමිති අගමැතිට කියයි.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘතත්තිය සමිති නායකයන්ට උදේ ආහාරය සඳහා පසුගියදා අරළියගහ මැදුරට පසුගියදා අගමැතිවරයා ආරාධනා කළේ ය. මේ ආරාධනයේ අරමුණවූයේ  ඊ. පී එෆ් සහ ඊ. ටී. එෆ්  අරමුදල් සම්බන්ධයෙන් පසුගියදා 6වෙනිදා අගමැතිවරයා කළ යෝජනාව පිළිබඳ වෘත්තිය සමිති නියෝජතයින් සමග සුහද පිළිසඳරක යෙදීම ය.  ජාතික කම්කරු උපදේශක සභාවේ සියලූම වෘත්තිය සමිති නායකයින් පැමිණ…

පිරිවැටුම් බදු යලි එතැයි ව්‍යාපාරිකයෝ තැති ගැන්මක

කලකට පෙර අහෝසි කරන ලද ව්‍යාපාර පිරිවැටුම් බදු ක්‍රමය මෙම අයවැයෙන් යලි ක්‍රියාත්මක කරන බව ආරංචි වීමෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තැති ගැන්මක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි .බදු ක්‍රමය සරල කීරීම සදහා පිරිවැටුම් බදු වෙනුවට එකතුකළ අගය මත බදු අය කීරීම හදුන්ව දෙනු ලැබුවේ දසකයකට වැඩි කාලයකට ඉහතදීය . එදා අත්හැර දැමූ මෙම බදු ක්‍රමය යලි…

ඩොලර් කෝටි 45ක කළු සල්ලි ආපසු රටට ඇවිත් – මුදල් ඇමැති රවී හෙළිකරයි

විදේශ රටවල තැන්පත් කර ඇති හෙළි නොකළ වත්කම් නවතා මෙරටට ගෙන ඒමට ආණ්ඩුව ප්‍රකාශ කළ සමාව යටතේ මේ වනවිට ඩොලර් මිලියන 450ක් හෙවත් කෝටි 45ක් මෙරටට ලැබී ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා  ප්‍රකාශ කොට ඇත . සෞදි අරාබියේ ගිණුම්  දෙකකින් හා කටාර් රාජ්‍යයේ ගිණුම් දෙකකින් මෙම මුදල් මෙරටට ලැබී තිබේ .මුදල් ඇමතිවරයා මෙම…

මුල්‍ය අරමුදුලේ ගණන් හිලවු වැරදියි – මුදල් ඇමැති රවී රෝයිටර්ට කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන පුරෝකථන වැරදි බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත . වසර අවසානය වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5 සිට 5.5 අතර වියහැකි බව මුල්‍ය අරමුදල කියතත් මුදල් ඇමතිතුමා කියන්නේ එය සියයට 6.5 සිට 6.7 දක්වා වියහැකි බවයි . දැන්…

ගමේ පාරවල් හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලයන 800ක්

මෙරට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3108ක් හා ජාතික මහාමාර්ග කිලෝමීටර් 248ක් සංවර්ධනය සදහා ඩොලර් මිලියන 800ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්දන බැංකුව එකග වී ඇත . එයින් මිලියන 200ක මුල් ගෙවීම වහාම ලබාදීමට යන බවද වාර්තා වීය . මෙම මාර්ග සංවර්ධනය සදහා මුළු වියදම ඩොලර් මිලියන 906කි . එයින් මිලියන 106ක් රජයෙන් යෙදවිය යුතුය . ශ්‍රී ලංකාවේ…

තැම්පතුවලට බැංකුවලින් පොලි ගෙවනවා වෙනුවට බැංකුවලට ගෙවන්න වෙලා !

ලොව පුරා දැන් පවතින මන්දගාමී ආර්ථික වර්ධනය නිසා බොහෝ රටවල බැංකු පොලිය අඩුවී ඇතැම් රටවල බැංකු තැන්පතු සදහා තැම්පතු හිමියන් බැංකු වලට පොලි ගෙවන තත්ත්වයක් උද්ගතව ඇති බව හෙළිදරවු වෙයි . මේ වනවිට ඩෙන්මාර්කය ,ස්විට්සර්ලන්තය හා ස්වීඩෙනය ආදී රටවල මෙම තත්ත්වය දක්නට ඇති බවත් ළගදීම ඇමෙරිකා එක්සත් ජනපදයේද එම තත්ත්වය වර්ධනය විය හැකි බවත් කියති…

මුදල් අමාත්‍යංශයේ කොටසක් පුද්ගලික අංශයට – මුදල් ඇමැති කියයි

මුදල් අමාත්‍යංශයේ කොටසක් ලෙස පුද්ගලික අංශයේ වැඩ කටයුතු සදහා වෙන්වූ වෙනම දෙපාර්තමේන්තුවක් ලබන ජනවාරියේ සිට ආරම්භ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත .ආර්ථික කටයුතුවලදී පෞද්ගලික අංශයේ උපරිම දායකත්වයක් ලබාගැනීම සදහා පරිසරය සැකසීම මෙම අංශයේ කාර්යභාරය වනු ඇතැයි කියති . ආර්ථිකයේ රජයේ අධිපත්‍යය අවසන් කොට පුද්ගලික අංශයට සාධාරණව හා තරගකාරීව කටයුතු කිරීමේ…

බැංකු පොලි වැඩි නොකරන්න මහබැංකුව තීරණය කරයි

ණය ඉල්ලුම වැඩිවී රටේ මුදල් තත්ත්වයද තරමක් අසීරු වී ඇතත් බැංකු පොලි වැඩි නොකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත .මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ ලබන මස ඉදිරිපත් කරන රජයේ අයවැය ලේඛනය මගින් නව අදායම් ඉපැයීමෙන් පසුව තත්ත්වය යහපත් වනු ඇති බවයි .එමෙන්ම පසුගිය ජනවාරි අයවැයෙන් ඉදිරිපත් කළ ඇතැම්…

විදෙස් ආයෝජනයට තිබූ බාධා ඉවතට – ඉඩම් විශේෂ බදු අහෝසියි

මෙරටට විදේශ ආයෝජන ගලා  ඒමට තිබූ ප්‍රධාන බාධාවක් වූ ඉඩම් බදු ගැනීමට පනවා තිබූ සියයට පහලවක විශේස බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කොට ඇත . ඒ සදහා වූ විශේස පනතට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලැබිණි .පසුගිය ආණ්ඩු සමයේ පනවා තිබූ මෙම බද්ද හා ඒසමග පනවා තිබූ අනෙකුත් කොන්දේසි මෙරට විදේශ ආයෝජන සදහා විශාල බාදාවක් වී තිබුණු…

උද්ධමනය බිංදුවෙන් පහළ බැසීම තවදුරටත්

අපරටේ උද්ධමනය වෙනුවට පසුගිය මාස කිහිපයේ පෙන්නුම් කළ අවදමන තත්ත්වය සැප්තැම්බර් මාසයේදී තවත් පහළට ගොස් ඍන දශම තුනක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. අගෝස්තු මාසයේ එය ඍන දශම දෙකක් වූ අතර ජුලි මාසයේ ඍන දේශම එකක් ලෙස  වාර්තා වී තිබිණි .

රුපියල බැස්සත් බඩු මිල ඉහළ යන්නේ නැතිලු

රුපියලේ හුවමාරු අගය නිදහසේ තීරණය වීමට මහ බැංකුව ඉඩ හැරීමෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ හුවමාරු අගය සියයට හතරකින් පමණ අඩු වී ඇතත් ඊට සාපේක්ෂව බඩුමිල වැඩිවීමක් හෝ උද්ධමනයේ ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට  ඇතැයි වාර්තා වෙයි . ” ලංකා බිස්නස් ඕන ලයින්” වෙබ් අඩවිය වාර්තා කොට ඇති ආකාරයට එයට හේතු…