චීනය නැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟත්වයක්
චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව ලොව ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත. ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම අනෙකුත් පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට…
