ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා
|

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද? කාරක සභා…

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්
|

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්

අපනයන සංවර්ධනය ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කොට සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට එමගින් අපේක්ෂා කෙරෙයි. පැරා ටැරිෆ් ලෙස හඳුන්වනු ලබන මෙම බදු මගින් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වියදම ඉහළ යෑම…

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න
|

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න

ශ්‍රී ලංකාව අතීත අත්දැකීම් සහ උගත් පාඩම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු නව නීති සම්පාදනය කරන අතර පැරණි නීති ද සංශෝධනය කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මෙම නව නීති බොහොමයක් මගින්  පවතින විධායක හා පරිපාලන ව්‍යුහයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සිරිවර්ධන මහතා අප්‍රේල් 08 දින අමාත්‍යාංශ නිලධාරීන් අමතා…

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්
|

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්

ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වෙලා කියලා (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා. එය මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් බ්ලූම්බර්ග් පෙන්වා දෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! – ඉකොනොමැට්ටා

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම…

|

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා

ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි….

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්
|

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්

රුපියල වේගයෙන් අධි ප්‍රමාණ වෙමින් ඩොලරයේ අගය වේගයෙන් පහළ බැසීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මාසයේ දේශීය වෙළෙඳපොලෙන් ඩොලර මිලියන 715 ක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය මාස තුනේ දී මහ බැංකුව එලෙස මිල දී ගෙන ඇති ඩොලර ප්‍රමාණය මිලියන 1199 ක් බව ද වාර්තා වෙයි. මාර්තු මාසයේ මිල දී…

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා
|

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා,…

| |

ගෙවූ ණය හා ගත් ණය – ඉකොනොමැට්ටා

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක…

රටේ විදේශ සංචිත – ඉකොනොමැට්ටා
|

රටේ විදේශ සංචිත – ඉකොනොමැට්ටා

මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ…

ඩොලරය අද රුපියල් 299.25 ට බසී
|

ඩොලරය අද රුපියල් 299.25 ට බසී

  ඇමෙරිකානු ඩොලරයක මිල  අද දින රුපියල් 299.25 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. කොළඹ එතැන් වෙළෙඳ පොළේ අද ඩොලරයේ මිල වාර්තා වන්නේ 299.24 – 299.30 වශයෙනි. ඩොලරයක මිල මෙලෙස පහළ වැටී ඇත්තේ පසුගිය මාසය තුළ ඩොලර් මිලියන 400 වැඩි ප්‍රමාණයක් මහ බැංකුව විසින් වෙළෙඳපොළේ මිල දී ගෙන තිබියදී ය.  

විදෙස් සංචිතය ඉහළට. රන් සංචිතයත් වැඩිවෙලා
|

විදෙස් සංචිතය ඉහළට. රන් සංචිතයත් වැඩිවෙලා

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මගින් පෙන්වා දේ. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95…