ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ආර්ථිකයේ පිබිදෙන නව ගැම්ම – සුනන්ද මද්දුමබණ්ඩාර

    සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. කෝවිඩ් වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවී යන තත්වයකට පත්වූ නමුත්…

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා

පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය. භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87% සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92% වීධිමත් පෞද්ගලික අංශය…

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද? – ඉකොනොමැට්ටා
| |

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද? – ඉකොනොමැට්ටා

ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක “ඇත්ත” වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න. මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී…

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි
|

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි. කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය…

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
| |

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ පවතියි. මැතිවරණ ඉලක්ක කර ගනිමින් කරන, පක්ෂ, විපක්ෂ මතවාද සමඟ එය එසේ වී ඇතැයි ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. අපි ඒ…

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ…

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර…

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා
| |

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි…

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා
| |

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා

සුදත්තගේ අලුත්ම ජනමත විමසුම කරලා තිබුණේ හොරණදී. මේ වගේ මත විමසුම් විධිමත් සමීක්ෂණ ලෙස සැලකිය නොහැකි බව කලින් ලිපි වල පැහැදිලි කර තිබෙනවා. නමුත් හෙළකුරු මත විමසුමේදී හෝ FB මත විමසුමකදී මෙන් මේ වගේ මත විමසුමකට බලෙන් එකතු වෙන්න බැහැ. ඒ අතින් මෙවැන්නක් විධිමත් සමීක්ෂණයකට සමානයි. සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ…

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා
| |

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා

කලින් සටහනින් පැහැදිලි කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය ලංකාවේ වැඩිහිටි ජනගහණය නියෝජනය වන පරිදි තෝරා ගැනීම පිණිස සෑහෙන උත්සාහයක් දරා ඇතත්, එය එවැන්නක් නොවන බවයි. මේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක නියැදියක් තෝරා ගන්නේ අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා. අනෙක් එක කලකට පෙර වෙනත්…

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා
| |

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා

පාට පමණක් වෙනස්, ඒ හැර හැම අතින්ම එක සමාන, බෝල 100ක් අඩංගු භාජනයක් ගැන සිතන්න. මෙහි සුදු පාට බෝල 50ක්, කළු පාට බෝල 30ක් හා කහ පාට බෝල 20ක් තිබෙනවා. බෝල සියල්ල හොඳින් කලවම් වෙලයි තියෙන්නේ. ඔය භාජනයෙන් ඇස් පියාගෙන බෝල 10ක් ගත්තොත් එහි සුදු පාට බෝල කීයක් තියෙයිද? අනිවාර්යයක් නොවුනත්, වැඩිම ඉඩක් තිබෙන්නේ සුදු…

නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා
| |

නියැදි සමීක්ෂණ හා අහඹු නියැදි සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මැතිවරණයක ජනමතය හරියටම දැන ගත හැක්කේ කොහොමද? පිළිතුර ඉතාම පැහැදිලියි. ජනමතය හරියටම දැන ගත හැක්කේ අදාළ මැතිවරණය පවත්වලාම තමයි. නමුත් මැතිවරණයකට පෙර ජනමතය පරීක්ෂා කිරීම සඳහා නියැදි සමීක්ෂණ කරන එක සාමාන්‍ය දෙයක්. “ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතයකට දෙමළ භාෂාව හොඳින් කතා කළ හැකිද?” දැන් මේ වගේ කරුණක් හා අදාළව සැබෑ තත්ත්වය ගැන දැන ගැනීමට නියැදි…