රතුපස්වල තිදෙනෙක් මරා වසර තුනක් ගතවන දා මිනිමරුවන්ගේ පා ගමන එතනින් යන්න එයි

පිපාසයට වතුර ඉල්ලා උද්ඝෝසණය කළ රතුපස්වල ජනයාට වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීමට වසර තුනක් ගතවන අද දිනයේ එම මිනීමැරුමට අණදුන් සහ අනුබල දුන් උදවිය ජන ඝාතනය සිදුවූ ඉබුල්ගොඩ හරහා පා ගමනින් යාමට නියමිතය . ඒ අතර තම මියගිය ඥාතීන් සැමරුමට රතුපස්වල ජනයා සුදානමින් සිටින බවද වාර්තා වෙයි . ගැටුම් ඇති වීම වැලක්වීමට විශාල පොලිස් බල ඇණියක්…

විපක්ෂයේ සිටියත් මහින්ද පාද යාත්‍රාවට රජයේ වාහන හොරෙන් අරන්..! වෑන් රථයක් හා දොඹකරයක් අත්අඩංගුවට..!

ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයත්  වාහන දෙකක් ව්‍යාජ ලෙස රැගෙන ගොස්  පාද යාත්‍රාවේ කටයුු සදහා යොදවා තිබියදී ඊයේ  (30) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ධර්මසිරි සේනානායක ගුණසමරු උත්සවය සඳහා යෙදවීමට අවශ්‍ය බව පවසා මෙම රථ දෙක රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ගුවන් තොටුපළ වෘත්තීය සමිතියේ සභාපතිවරයා වන වර්ණසිරි මොහන්දිරම් විසින් මෙම…

ලංකා බැංකුවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් කෝටි 6ක පොල්ලක්..!

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇතැයි ලංකා ඉරිදා පුවත්පත වාර්තාකර තිබේ. මෙසේ නොගෙවන ලද ණය මුදල රුපියල් හයකෝටි හැත්තෑහය ලක්ෂ හාරදාස් එකසිය හතලිස් එකක් (67,604,141) බව පැවසේ. එම ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වැනිදාට තිබූ මුළු ණය පුමාණයේ ශේෂය බව පැවසේ. ඒ සඳහා ඇතුළත්විය යුතු…

මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ්! – මහාචාර්ය සී.බී. දිසානායක

මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ් බව තමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසයි. දිසානායක මහතා මුඛ අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ද වෙයි. වල්නාශක රසායනික ‍පොහොර, කෘමිනාශක ආදිය මඟින් වකුගඩු රෝගය වැඩි කරන බව කීවත් පහතරට හා උඩරටත් වල්නාශක කෘමිනාශක…

නාමල් ඇතුළු හයක් අත් අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසිණි. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ ඔහු ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි…

විමල්ගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

තමා සහ තම බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට පැමිණෙන ලෙස දන්වා අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස හා ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම වළකන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත…

කොමියුනිස්ට් පක්ෂ සභාපති කොල්ලුරේට විශ්වාස භංගයක් !

පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණය නොතකා පද යාත්‍රාවට සහය දීමේ චෝදනාව මත කො .ප . සභාපති රාජා  කොල්ලුරේ තනතුරින් ඉවත්කිරීම සදහා විස්වාස භංග යෝජනාවක් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බව එම පක්ෂයේ තතු දත් ආරංචි මාර්ග කියයි . බලය බෙදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවට හඩ නැගු පක්ෂයට එවැනි ව්‍යවස්ථාවක් ඉදිරිපත්…

ගල් අඟුරු හොරු කව්ද..?

ගල්අඟුරු ජාවාරමක් පිළිබඳව රාජපක්ෂ කල්ලියෙන් විරෝධතා හඬක් නැගී තිබේ. මෙය සම්පූර්ණයෙන්ම ගල්අඟුරු වලින් තමන්ට ලැබුණු ලාභ ප‍්‍රයෝජන නැතිව යාම නිසා රාජපක්ෂ කල්ලියෙන් පැමිණි වියරු ප‍්‍රතිවිරෝධයකි. සත්‍ය කතාව නම් ශ්‍රී ලංකාවට 2009 සිට 2015 දක්වා ගල්අඟුරු ගෙන්වීමෙන් ප‍්‍රකෝටි ගණන් මුදල් උපයා ගත්තේ රාජපක්ෂ පවුල ප‍්‍රමුඛව ඔවුන්ගේ ඥාතින් බවයි. මේ පිළිබඳව සිදුකළ ගවේශනාත්මක තොරතුරු මෙසේ පෙළගස්වමි. ගල්අඟුරු…

|

ද්විත්ව පුරවැසි ගීතාට මන්ත්‍රීකම් බැහැ

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිබවින් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ඇගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින් ස්විට්සර්ලන්ත අධිකාරිය කිසිදු දැනුම්දීමක් කර නොමැති හෙයින් තවමත් ද්විත්ව පුරවැසිලාභී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.‍සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89…

හම්බන්තොට වරාය හදන්න චීන බැංකුවකින් මිලියන 1,29,848ක් ගිනි පොලියට අරන්

  පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීන රජයේ බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අටක (මිලි. 1,29,848) ණය මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැඩි ලෙස මූල්‍ය අර්බුදයකට පත් කරන ණය බරක් බවට පත්ව ඇතැයි රාජ්‍ය විගණන වාර්තාවකින් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් රජයක් විදෙස් රටකින් ණය ලබාගන්නේ දශම තුනක පමණ වූ පොලියකට වෙයි….

ජර්මානු යූරෝ මිලියන 13ක ගිවිසුමට අස්සන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේදී එකඟතාව පළ කළ යූරෝ මිලියන 13ක ප්‍රදානය මෙරටට ලබාදීමේ ගිවිසුම්වලට ඊයේ (25) මුදල් අමාත්‍යංශයේදී අස්සන් තැබිණි. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබු අතර ජර්මානු තානාපති ආචාර්ය ජර්මන් මොහාර්ඩ් මහතා එරට රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය. විල්පත්තු ජාතික උද්‍යානය සහ…

තායිලත්නයේ ” සියාම් සිටි ” හොල්සිම් ලංකා මිලදී ගනී

ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම අනුකලිත සිමෙන්ති කර්මාන්තශාලාව හා සිමෙන්ති සම්මිශ්‍රණාගාරය මෙහෙයවීමේ හිමිකම මින් ඉදිරියට තායිලන්තයේ සියාම් සිටි සමාගම වෙත හිමිවනු ඇත. මෙම ගනුදෙනුවේ…