නාමල් ඇතුළු හයක් අත් අඩංගුවට ගන්න නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසිණි.
නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ ඔහු ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටිම හේතුවෙනි.
