කොමියුනිස්ට් පක්ෂ සභාපති කොල්ලුරේට විශ්වාස භංගයක් !
පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණය නොතකා පද යාත්‍රාවට සහය දීමේ චෝදනාව මත කො .ප . සභාපති රාජා කොල්ලුරේ තනතුරින් ඉවත්කිරීම සදහා විස්වාස භංග යෝජනාවක් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බව එම පක්ෂයේ තතු දත් ආරංචි මාර්ග කියයි . බලය බෙදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවට හඩ නැගු පක්ෂයට එවැනි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමටත් පෙර එය මර උගුලක් කියා ප ගමන් යා නොහැකිය යන්න පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණය වී ඇත . පක්ෂයේ පධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඒ බව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේය . රාජා කොල්ලුරේ මහතා ප්‍රසිද්ධියේ එම තීරණයට එරෙහි වීමෙන් පක්ෂ විනය උල්ලංඝනය කොට ඇති බවට චෝදනා කරන පක්ෂයේ ජෙෂ්ටයින් පිරිසක් කොල්ලුරේ මහතාට එරෙහි විශ්වාස භංගය ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත .
