13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි

  ජනාධිපතිවරණයෙන් තමා ජයගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රීයාත්මක කරන බවට සජිත් ප්‍රෙමදාස මහතා පසුගියදා යාපනයේ දී කළ ප්‍රකාශය තම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සංධානය සජිත් ප්‍රෙමදාස මහතාගෙන් ඉල්ලා ඇති බව තතු දත් දෙශපාලන අංශ ප්‍රකාශ කරයි. තමන් සහය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තීරණය කරන්නේ සියලු පක්ෂවල මැතිවරණ…

රනිල්ට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කරයි

රනිල්ට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර ඇත. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත.

කුමාර වෙල්ගම , ඒ.එච්.එම් ෆවුසි රනිල්ට එක්වෙති

කුමාර වෙල්ගම , ඒ.එච්.එම් ෆවුසි රනිල්ට එක්වෙති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. කුමාර වෙල්ගම මහතාගේ නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කළේය‍. සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා…

තව පිරිසක් රනිල් ලඟට

තව පිරිසක් රනිල් ලඟට

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහාය පළ කර ඇත.

රනිල්ට ගෑස් සිලින්ඩරය

රනිල්ට ගෑස් සිලින්ඩරය

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙති

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල්ට එක් වෙති

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය…

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වුණි. අද දෙරණ

රිෂාඩ් ,චම්පික සජිත්ට, අතාවුල්ලා සහ තවත් අය රනිල්ට

රිෂාඩ් ,චම්පික සජිත්ට, අතාවුල්ලා සහ තවත් අය රනිල්ට

  ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට පාටලී චම්පික රණවක මහතාගේ ජනරජ පෙරමුණ සහ රිෂාඩ් බදුයුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය තීරණය කොට ඇති අතර ඒ එල් එම අතාවුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ඉදිරිපත් වී ඇත. චම්පික රණවක මහතා සජිත්ට සහය දීමේ ගිවිසුමකට අද අත්සන් තැබීය. ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත…

ජනාධිපතිවරණය : නාමල් රාජපක්ෂ (ජ්‍යෙෂ්ඨ) ඇප බඳියි , දැන් නාමල් රාජපක්ෂලා දෙන්නයි

ජනාධිපතිවරණය : නාමල් රාජපක්ෂ (ජ්‍යෙෂ්ඨ) ඇප බඳියි , දැන් නාමල් රාජපක්ෂලා දෙන්නයි

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි. පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ හෙට (14) දිනයේ ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතය.

රනිල් දිනවන ගිවිසුමකට රාජිත – රනිල් අත්සන් තබති

රනිල් දිනවන ගිවිසුමකට රාජිත – රනිල් අත්සන් තබති

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ගිවිසුමකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද අත්සන් තැබීය. ගංගාරාම විහාරයේ සීමා මාලකයේ දී මෙම ගිවිසුම අත්සන තැබීම අද සවස සිදුකරනු ලැබී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙම ගිවිසුම මගින් ප්‍රතිඥා දී ඇත. ඔහු…

විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට

විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන් බව වාර්තා වේ. සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්කරන ලදි.

ඉලෝන් මස්ක්ගේ  STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ඉලෝන් මස්ක්ගේ STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ලෝකයේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ස්ටාර් ලින්ක් අන්තර්ජාල සබඳතා ලබාදීමේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ…