රිෂාඩ් ,චම්පික සජිත්ට, අතාවුල්ලා සහ තවත් අය රනිල්ට

 

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට පාටලී චම්පික රණවක මහතාගේ ජනරජ පෙරමුණ සහ රිෂාඩ් බදුයුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය තීරණය කොට ඇති අතර ඒ එල් එම අතාවුල්ලා මහතාගේ ජාතික කොන්ග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ඉදිරිපත් වී ඇත.

චම්පික රණවක මහතා සජිත්ට සහය දීමේ ගිවිසුමකට අද අත්සන් තැබීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *