කුමාර වෙල්ගම , ඒ.එච්.එම් ෆවුසි රනිල්ට එක්වෙති
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
කුමාර වෙල්ගම මහතාගේ නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කළේය.
සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා පත් වීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා එලෙස පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු යළිත් පාර්ලිමේන්තුවට පත් කෙරුණි
