13 සංශොධනය ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දෙන්න – ටී එන් ඒ, සජිත්ට කියයි
ජනාධිපතිවරණයෙන් තමා ජයගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රීයාත්මක කරන බවට සජිත් ප්‍රෙමදාස මහතා පසුගියදා යාපනයේ දී කළ ප්‍රකාශය තම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කොට ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සංධානය සජිත් ප්‍රෙමදාස මහතාගෙන් ඉල්ලා ඇති බව තතු දත් දෙශපාලන අංශ ප්‍රකාශ කරයි.
තමන් සහය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තීරණය කරන්නේ සියලු පක්ෂවල මැතිවරණ ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් පසුව බව ද දෙමළ ජාතික සංධානය ප්‍රකාශ කොට ඇත.
