රට පුරා විදුලිය බිඳ වැටීමට වග කිව යුත්තා වඳුරෙක් !!! – විදුලි බල මණ්ඩලය කියයි

රට පුරා විදුලිය බිඳ වැටීමට වග කිව යුත්තා වඳුරෙක් !!! – විදුලි බල මණ්ඩලය කියයි

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් බව බළශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කොළඹ ජාතික රෝහල, ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි. එමෙන්ම දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට  පත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරයටත් අදහස් දක්වමින් පැවසීය.

‘පුංචි ඡන්දයට සජබ-එජාප එකට එන එක තීන්දුයි’- රංජිත් මද්දුම බණ්ඩාර

‘පුංචි ඡන්දයට සජබ-එජාප එකට එන එක තීන්දුයි’- රංජිත් මද්දුම බණ්ඩාර

ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ‘සමගි ජන බලවේගය’ එක්සත් ජාතික පක්ෂය සමග එකට එකතු වී තරග කරන බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය. මෙම ඒකාබද්ධ වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්‍රගතිය නුදුරේදීම රටට කියන බවත් මහ ලේකම්වරයා කීය. ඡන්දයට තරග කරන ආකාරය ගැන පක්ෂ දෙක මෙම…

රාජ්‍ය ආයතන 113 ක් වහන්න නිර්දේශ

රාජ්‍ය ආයතන 113 ක් වහන්න නිර්දේශ

වැඩකට නැති රාජ්‍ය ආයතන 113ක් වසා දැමීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය සඳහා අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව නිර්දේශ කොට ඇති බව කරමාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කරයි. මෙම රාජ්‍ය ආයතන බොහොමයක් බෝඩ් ලෑලිවලට සීමා වී ඇති බව ප්‍රකාශ කළ ඇය තම හිතවතුන්ට තනතුරු දීමට මෙම ආයතන පවත්වාගෙන යාමට වත්මන් ඇමති…

හිටපු ජනපතිලාගේ වරප‍්‍රසාද කපන්න බැරි බව ජනපති පත් කල කමිටුව දැනුම් දෙයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනපතිලාගේ වරප‍්‍රසාද කපන්න බැරි බව ජනපති පත් කල කමිටුව දැනුම් දෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇතැයිද ඒ මහතා පැවැසුවේය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක්…

අනුර යාපාට ඇප

අනුර යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප…

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ  (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය. 1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා මියයන විට 75වන වියේ පසුවිය. අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. 80 දශකය අගභාගයේ බිහි වූ…

මත්පැන් සිගරට් බදුත් ඉහළට

මත්පැන් සිගරට් බදුත් ඉහළට

මත්පැන් සහ සිගරැට බදු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ඒ අනුව මතපන් මිල සියයට 6 කින් ඉහළ යනු ඇත. සිගරට් මිල රුපියල් 5 – 10 ප්‍රමාණවලින් ඉහළ දමා ඇත.

වාහන ආනයන බදු ඉහළට ; මිල සියයට 45 කින් නගී

වාහන ආනයන බදු ඉහළට ; මිල සියයට 45 කින් නගී

මෙරටට වාහන ආනයනය කිරීමේ දී අයකරන බදු ප්‍රමාන රජයේ ගසට නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇති අතර එමගින් වාහන මිල සියයට 45 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි. එක් එක් කාණ්ඩයේ වාහන සඳහා අයකරන බුදු පිළිබඳව නව ගසට නිවේදනයේ සඳහන් වෙයි. නව වාහන සඳහා සියයට 300 දක්වා තීරු බදු නියම කොට ඇති අතර ඊට අමතරව වැට්…

“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන

“ජනාධිපතිවරයා ගිවිසුම් ගැහුවේ නිදහස් මාධ්‍යක් නොමැති රටක් සමඟ” – මාධ්‍ය සංවිධාන

රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කර මහජන සේවා මාධ්‍ය‍යක් බවට පත් කිරීමට මාධ්‍ය සංවිධාන කටයතු කරන මොහොතක මෙරට ජනාධිපතිවරයා චීනය සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට සූදානම් වන පුවතක් වාර්තා වේ. මෙම ගිවිසුම් අතරින් ගිවිසුම් 5ක් 6ක් පමණ එරට මාධ්‍ය ආයතන සමඟ වීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති…

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

  මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත. කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා…

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය
|

ශ්‍රී ලංකාවේ සහල් මෝල්කරුවන් තොග සඟවන්නේ නැහැ – පාරිභෝගික සේවා අධිකාරිය

ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය, 2024 ඔක්තෝම්බර් මාසයේ සිට  කරන ලද නිරන්තර විමර්ශනවලින්  මෝල්කරුවන් විසින් සඟවන ලද සහල් තොග සොයා ගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර මහතා පැවසීය. වසර අවසානය වන විට සහල් මිල ඉහළ යාමට නැඹුරු ප්‍රවනතාවක් වසර ගණනාවකින් තිස්සේ පැවතී ඇත. ශ්‍රී ලංකාව සහල් සහ වෙනත් ආහාර සම්බන්ධයෙන් අන්ත…