වාහන ආනයන බදු ඉහළට ; මිල සියයට 45 කින් නගී
මෙරටට වාහන ආනයනය කිරීමේ දී අයකරන බදු ප්‍රමාන රජයේ ගසට නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇති අතර එමගින් වාහන මිල සියයට 45 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.
එක් එක් කාණ්ඩයේ වාහන සඳහා අයකරන බුදු පිළිබඳව නව ගසට නිවේදනයේ සඳහන් වෙයි. නව වාහන සඳහා සියයට 300 දක්වා තීරු බදු නියම කොට ඇති අතර ඊට අමතරව වැට් සහ වෙනත් බදු එකතු වන බව සඳහන් ය.
වාහන ගෙන්වීමේ සීමා ලිහිල් කිරීමත් සමග මෙම නව බදු ක්‍රියාත්මක වීම නිසා වාහන මිල ඉහළ යන බව කියති.
ඒ අනුව කුඩා වාහනයක මිල රුපියල් ලක්ෂ 15 කින් පමණ ඉහළ යනු ඇත.
