රාජ්‍ය ආයතන 113 ක් වහන්න නිර්දේශ

වැඩකට නැති රාජ්‍ය ආයතන 113ක් වසා දැමීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය සඳහා අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව නිර්දේශ කොට ඇති බව කරමාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කරයි. මෙම රාජ්‍ය ආයතන බොහොමයක් බෝඩ් ලෑලිවලට සීමා වී ඇති බව ප්‍රකාශ කළ ඇය තම හිතවතුන්ට තනතුරු දීමට මෙම ආයතන පවත්වාගෙන යාමට වත්මන් ඇමති හෝ නියෝජ්‍ය ඇමැති උත්සහ නොදරනු ඇතැයි ද පැවසීය.

කොළඹ පැවති අමාත්‍යංශ වැඩ මුළුවකට එක්වෙමින් එතුමිය ප්‍රකාශ කළේ අදාළ නිර්දේශ ඇතුලත් වාර්තාව ඉදිරි සති දෙක තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *