අපනයනවලින් බදු අරන් දේශපාලන වැඩ කරලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

මෙරටින් අපනයනය කරන භාණ්ඩවලින් බදු අය නොකළ යුතු වුවද පසුගිය කාලයේ මෙරට ප්‍රධාන අපනයන වලින් බදු අය කිරීමෙන් එම ක්ෂේත්‍රය අධෛර්යමත් කොට ඇති බවත් එය තේරුම් ගත නොහැකි ප්‍රතිපත්තියක් බවත් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය . සෙස් බදු ලෙස මෙම මුදල් අය කරගෙන ඇතත් එම මුදල් වලින් ක්ෂේත්‍රයේ සංවර්ධනයට…

වීරවංශලාට මනාප වැඩිවීම වාසුදේවට ප්‍රශ්නයක්

වීරවංශ, ගම්මන්පිල හා දිනේශ් ගුණවර්ධන යන තිදෙනාට මෙන් තමාටත් ලක්ෂ ගණනක මනාපයක් තිබියයුතු බව කියන වාසුදේව මනාප නැවත ගණන්කරන ලෙස ඉල්ලා නඩුමගට බැසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පෙර සඳහන් කළ තිදෙනාම මනාප ලක්ෂය ඉක්මවා ගත්තා නම් ඒ හා සමානවම මහින්ද රාජපක්ෂට කඬේගිය තමාට මනාප සංඛ්‍යාව 81060ක් විය නොහැකි බවයි වාසුදේවගේ තර්කය වී ඇත්තේ. තම…

ජෝන්ට මනාප වැඩි කරගන්නට කාටහරි පිහියෙන් අනින්ට හිතිලා

රත්නපුර දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා, තමාට වඩා මනාප ගැනීම පිළිබඳව කෝපයට පත් ජොන් සෙනෙවිරත්න “මටත් හිතෙනවා මොකෙකුට හරි පිහියෙන් අනින්නට” යැයි පැවසූ බව රත්නපුරයෙන් වාර්තාවේ. ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත චොකා රිමාන්ඞ් බන්ධනාගාර ගතකර ඇත. මැරයෙකු ලෙස ප්‍රකට…

පැය 72ක් යන්නටත් පෙර පාවා දීලා

රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමේ උත්සවය වර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ හතර දෙනාගේ කල්ලිය සමඟ තීරණය කර තිබූ බව යුක්තියට වාර්තා වේ. දිනේශ ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර සමඟ එම තීරණයට එකඟත්වය පලකර ඇති රාජපක්ෂ, කිසිවෙකුටත් නොකියා හොර රහසේම දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වී ඇති බව තොරතුරු ලැබේ….

රණ විරුවන්ටත් මහින්ද එපාවෙලා !

හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට තරග කීරීම සදහා කුරුණෑගල තෝරාගත්තේ රණ විරුවන් වැඩිම දිස්ත්‍රික්කය එය නිසා වුවද රණ විරුවන් විසින්ද මහින්ද රාජපක්ෂ  මහතා ප්‍රතික්ෂේප කරනු ලබ ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වෙයි . ත්‍රිවිධ  හමුදා සාමාජිකයන්ට තැපැල් චන්ද හිමි නිසා දිවයිනේ තැපැල් චන්ද වැඩිම දිස්ත්‍රික්කය කුරුණාගලයි .එහි තැපැල් චන්දය සදහා සුදුසුකම් ලැබූ පිරිස 86,000ක් බව කියති…

“අප්පච්චි මලෝ ” අලුත් කල්ලියට සෙට් වී ඩිලාන් ජාතික ලැයිස්තුවෙන් ගොඩයයි

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කරමින් උග්‍ර මහින්ද වාදියකු ලෙස පෙනීසිටි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මැතිවරණය නිමවීමත් සමග අලුත් “අප්පච්චි මලෝ ” කන්ඩායමට සෙට් වී ජනාධිපති සරණ යාම මගින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට වරම් හිමිකරගෙන තිබේ . ලංකා සමසමාජ පක්ෂ නායක තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂ නායක ඩිවූ ගුණසේකර…

ජාතික ලැයිස්තුවට බෙලි කැපිලි- රතන හිමි කැපීමට චම්පිකත් උත්සහ කරලා.

එක්සත් ජාතික පෙරමුණ හැර අනිකුත් සියළුම පක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබූ ජාතික ලැයිස්තු නාම ලේඛණයේ ඇතැම් නම් කපාහැර අළුත් නම් ඇතුල්කර කොමසාරිස්වරයාට මේ වනවිට භාරදී ඇති බව වාර්තාවේ මේ අතර ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතුරලියේ රතන හිමියන්ගේ නම එක්සත් ජාතික පෙරමුණේ ලැයිස්තුවෙන් කපා හැරීමට චම්පික රණවක මහතා ද උත්සාහ දැරූබව සමීප ආරංචි මාර්ග සඳහන්…

නම්බුව බේරාගන්න සුසිල් පියුන් වැඩක් කරයි !

සන්ධානයේ නව ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා මගින් මැතිවරණ කොමසාරිස් වරයාට භාරදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සකස් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී යෝජනාව ඉල්ලාගෙන ගිහින් දී සුසිල් ප්‍රේමජයන්ත මහතා තම නම්බුව බේරාගත් බව වාර්තා වෙයි . මෙම ලයිස්තුව කොමසාරිස් වරයාට භාරදීම තමන් අතින්ම කිරීමට ඉඩදෙන ලෙස ප්‍රේමජයන්ත මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ඉඩ ලැබීම නිසා ඔහුට…

මහින්දට නව පෙනුමක් දෙන්න විමල්ගෙන් “නිර්වස්ත්‍රයක්”

සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට නැවත එන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අලුත් පෙනුමක් ලබාදීමට තමන් අලුත් වස්ත්‍රයක් සකස්කරන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ  කොට ඇති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසේදී මහින්දවාදීන් අතර පැවති සාකච්චාවකදී වීරවංශ මහතා මේ බව ප්‍රකාශ  කොට තිබේ . “ඒක නිර්වස්ත්‍රයක් වේවිදැ”යි එහි සිටි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විමසු බවද එය…

මහින්ද පාර්ලිමේන්තු එන්නේ මෛත්‍රීට ඔරෝප්පුවටලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති සටනින් පරාද වුවද පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේ මැතිවරණ සමයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පිලිබදවත්, තමන්ට ගෞරවණිය සමුගැනීමකට අවස්ථාව ලබා දෙන ලස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග උරණ වී සිටීම නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි . මේ නිසා පරාජයෙන් පසුව ඉවත්ව යාම වෙනුවට රැදී සිට…

“අප්පච්චි මලෝ ” අලුත් කල්ලියක් බිහිවෙයි!

මහින්ද රාජපක්ෂ මහතාගේ හයියෙන් මැතිවරණය ජය ගැනීමට ඒ මහතා පිටුපස ගිය පිරිසක් රජයට එක්වීමට කැමැත්ත පළකොට රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා පවත්වා ඇති බව වාර්තා වෙයි . එමෙන්ම තවත් පිරිසක් අතර මැදියන් මගින් පණිවිඩ එවා ඇත . කෙසේ වෙතත් ඔවුන්ට වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සන්ධානයේ උදවියට ඇමතිකම් ලබාදීම ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව සිදුවන බවයි . ජනාධිපතිවරයා…

සජිත් , විජයදාස , ගයන්ත ආසන පැරදීමෙන් රනිලුත් අමාරුවේ

තමන් සංවිධායක ධුරය දරන ආසන පරාද වුවහොත් කොතරම් මනාප ලැබුවත් ඇමතිකම් නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු අපේක්ෂකයින්ට දන්වා තිබුනද පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත් , විජයදාස රාජපක්ෂ , ගයන්ත කරුණාතිලක වැනි ප්‍රබල ඇමැතිවරුත් තමන්ගේ ආසන පරාදවීම නිසා නව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී වික්‍රමසිංහ මහතාද අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි . ආසන පරාද…