වීරවංශලාට මනාප වැඩිවීම වාසුදේවට ප්‍රශ්නයක්

Vasu1වීරවංශ, ගම්මන්පිල හා දිනේශ් ගුණවර්ධන යන තිදෙනාට මෙන් තමාටත් ලක්ෂ ගණනක මනාපයක් තිබියයුතු බව කියන වාසුදේව මනාප නැවත ගණන්කරන ලෙස ඉල්ලා නඩුමගට බැසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පෙර සඳහන් කළ තිදෙනාම මනාප ලක්ෂය ඉක්මවා ගත්තා නම් ඒ හා සමානවම මහින්ද රාජපක්ෂට කඬේගිය තමාට මනාප සංඛ්‍යාව 81060ක් විය නොහැකි බවයි වාසුදේවගේ තර්කය වී ඇත්තේ. තම මැතිවරණ ව්‍යාපාරය සඳහා අධිරාජ්‍යවාදීන්ගේ මූලස්ථානය වූ ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද වාසුදේවගේ ජේ්‍යෂ්ඨ පුත්‍රයා ද එම තර්කය පිළිගෙන ඇති අතර තම අප්පච්චි තරම් කඬේ නොගිය ජොන් සෙනෙවිරත්න මනාප සොරාගෙන ඇති බවට දෙදෙනාම සැක කරන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *