වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන  අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි.  අප වෙත වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක  කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිල්ල බාර…

‘‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන යළි සාකච්ඡා කාරනවා‘‘ – ඇලිස් ජී. වෙල්ස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඊයේ  (14) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ තානාපතිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය…

රන්ජන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව මීට සුළු වෙලාවකට පෙර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කොට ඇත . නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වරෙන්තුව නිකුත් කොට තිබේ .

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ  අධ්‍යක්ෂවරයාට   අද ( 14)  නියම  කර තිබේ .  මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී  ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ  නීතීපතිවරයා එලෙස නියම කර ඇත. ( මනෝප්‍රිය ගුණසේකර…

රංජන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය . අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ය .

ජනපති, ඇමති මණ්ඩලය අපේ වුණාට පාර්ලිමේන්තුව රනිල්ගේ. සහන දෙන්න අමාරුයි – ඩලස්

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තමන් සතු වුවත් පාර්ලිමේන්තුවේ බලය පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සතුව බැවින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සහන ලබාදීමට බාධාවන් මතුවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.  “අපේ ජනාධිපතිතුමා, අපේ අගමැතිතුමා, අපේ කැබිනට් ඇමතිවරු, අපේ රාජ්‍ය ඇමතිවරු, ඒ සියල්ල සත්‍යයයි. හැබැයි පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ.  පාර්ලිමේන්තුවේ අපේ පාර්ශ්වය නියෝජනය කරන්න ඉන්නේ…

රාජිත රෝහලෙන් පිටවී යයි

  හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික   ලබමින් සිටි  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.   සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදි  සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින්  නාරාහේන්පිට  පෞද්ගලික  රෝහලක ඇතුළත් ව…

ජයලත් මනෝරත්න සමුගනී

  ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක…

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සජිත් පිල සුළුතරය වෙයි ; අජිත් පී , හරින් , සුජීව වලියට !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (09) පස්වරුවේ පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටුම්කාරී තත්වයක් මතුවීම හේතුවෙන් අවසන් තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (16) දක්වා කල්ගොස් ඇති බව වාර්තා වේ.  මෙහිදී රනිල් – කරූ – සජිත් තිදෙනාම එක්ව නායකත්ව මණ්ඩලයක් වශයෙන් පක්ෂය මෙහෙයවීම සහ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීම යන යෝජනා දෙකක්…

දුමින්දට සමාව ඉල්ලාගෙන ආ පිරිසට ජනපති බැන එළවා ගනී !

මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහුව නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට පැමිණි මැති ඇමතිවරුන් පිරිසකට ජනාධිපතිවරයා බැනවැදී එළවාගෙන ඇති බව වාර්තා වේ.  පෙරේදා (08) දිනයේදී මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීමට ගොස් දුමින්ද සිල්වා මහතා…

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් යැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය. මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා…

‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘ – අගමැති මහින්ද රාජපක්‍ෂ

දැනට තිබෙන ඡුන්ද ක‍්‍රමය අනුව කිසිදු පක්‍ෂයකට තවත් කණ්ඩායමකගේ සහාය නැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි යයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 2010 දී පමණක් එම තත්ත්වය වෙනස් වූ බව ද අගමැතිවරයා කීවේය. පුවත් කතුවරුන් අද හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා එසේ පැවසීය. පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ආණ්ඩුව සමයේ ගෙන්වූ පොහොර වෙනුවෙන් පොහොර…