ජනපති, ඇමති මණ්ඩලය අපේ වුණාට පාර්ලිමේන්තුව රනිල්ගේ. සහන දෙන්න අමාරුයි – ඩලස්

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තමන් සතු වුවත් පාර්ලිමේන්තුවේ බලය පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සතුව බැවින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් සහන ලබාදීමට බාධාවන් මතුවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
“අපේ ජනාධිපතිතුමා, අපේ අගමැතිතුමා, අපේ කැබිනට් ඇමතිවරු, අපේ රාජ්‍ය ඇමතිවරු, ඒ සියල්ල සත්‍යයයි. හැබැයි පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ.
පාර්ලිමේන්තුවේ අපේ පාර්ශ්වය නියෝජනය කරන්න ඉන්නේ මන්ත්‍රීවරුන් 89 දෙනයි. 136 දෙනෙක් ඉන්නේ අපේ පාලනයට එරෙහි පාර්ශ්වය නියෝජනය කරමින්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුළෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමා විසින් රට හමුවේ තබපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ අන්තර්ගත කාරණා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට යම් බාධාවන් ටිකක් තියෙනවා.
මූල්‍ය පනතක්, යම් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුළෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
RN
LANKANEWSWEB
