මාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් පිළිබඳ කඩිනම් පරික්ෂණ වහාම සිදුකළ යුතුයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය දින කිහිපය තුල දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකි. මෙම සිදුවිම් මාලාවට අළුතෙන්ම එකතු වු සිද්ධිය ලෙස අප වෙත වාර්තා වුයේ අලුත්ගම ප්‍රාදේශිය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳ ද ඉලක්ක කොට ගෙන කරන ලද පහර දීමයි. ඔහු අප වෙත…

කමිටුවේ හිරවූ බැදුම්කර වාර්තා එලියට ගත හැක්කේ මුදල් ඇමති වන අගමැතිටයි – කෝප් හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති

මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමතිවරයාට ඇති බලය පාවිච්චිකරමින් එම වාර්තා  තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ  (8) පැවැසීය.  2015 වසරට පෙර මහ…

ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි

පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 3 වැනිදා කළ නියෝගය ප්‍රකාරව ගානියා බැනිස්ටර් මහත්මිය ඇගේ නීතිඥවරුන් දෙදෙනකු සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග ඊයේ  (8)…

උතුරේ ආණ්ඩුකාර ධුරය දෙන්න ගිය කතාව බොරු – මුරලි කියයි

තමාට උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවට පල වූ වාර්තා බොරු බව මුත්තයියා මුරලිදරන් මහතා ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට ඇත . තමන්ට එබඳු ආරාධනයක් නොලැබුණු බවත් , ලැබුනත් එබඳු තනතුරක් බාර නොගන්නා බවත් ඒ මහතා කියා ඇත . ක්‍රිකට් ක්‍රීඩකයකු වන තමාට දේශපාලනයට ඒමට කිසිදු…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව…

ජවිපෙ මහමැතිවරණයට මාලිමාවෙන්ම එයි

ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේ දී  මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය මේ…

2015 ට පෙර බැදුම්කර වංචා තොරතුරු ඇතුලත් වෝහාරික විගණන වාර්තා 05ක් කෝප් කමිටුවේ හිරවෙයි

මේ වන විට පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කොට ඇති අතර නව සැසිවාරය ලබන ජනවාරි මාසයේ මුල ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ කරළියට පැමිණි තවත් එක් කරුණක් වන්නේ කුප‍්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවයි. මෙම වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගිය දෙසැ….

විපක්ෂ නායක සජිත් – එජාපය කතානායකට දන්වයි

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතා වෙත දැන්ව යවා ඇත . එම ලිපිය පිළිගත් බව කතානායක කාර්යාලය ඊයේ නිවේදනය කළේය .

මෛත්‍රීගේ ජාතික ආර්ථික සභාව මහජන මුදල් ගිල්ල සුදු අලියෙක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටවූ ජාතික ආර්ථික සභාව කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කළ සුදු අලියකු බවට පත්ව තිබුණු බව අනාවරණය වී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.  මෙම ජාතික ආර්ථික සභාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටවූයේ 2017 වසරේදීය. ඒ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවා තිබුණු ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය…

එජාපයේ නායකත්වය කරුට !

එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටිම නිසා මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයක් ලැබු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි. අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ…

හිටපු ජනපතිට මන්ත්‍රී පුටුව දෙන්න හැමෝම බෑ කියලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට  පැමිණීමට තම ආසනයෙන් ඉල්ලා අස්වැන්නයි ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලීම් කර ඇතත් ඒ සියලු දෙන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි . මේ අතරින් කිහිප දෙනෙක්ම මැතිවරණයෙන් පරාජය වී සිරිසේන මහතාගේ පිහිටෙන් මන්ත්‍රී දුරවලට පත්වූවන් වීමද විශේසත්වයකි . මේ නිසා නැවත පාර්ලිමේන්තු ඒමට ලබන මැතිවරණය…

ජනමත සමීක්ෂණ ඉලක්කම් විජ්ජාවලින් පක්ෂයම රැවටූ බවට හර්ෂට චෝදනා !

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සමස්ත එක්සත් ජාතික පක්ෂයම බරපතළ රැවටීමකට ලක් කළ බවට හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව පක්ෂය තුළින්ම දැඩි චෝදනාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.  ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය ඉදිරිපත් කළ සියලුම ජනමත සමීක්ෂණ වාර්තා සකස් කර තිබුණේ හර්ෂ ද සිල්වා මහතාට අයත්…