එජාපයේ නායකත්වය කරුට !
එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටිම නිසා මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයක් ලැබු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි.
අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ජා කිරිමට පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් හෙට (05) පැවැත්වෙන බවයි.
කෙසේවෙතත් අද මාධ්‍ය වාර්තා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කර එහි සභාපති ධුරය කරූ ජයසූරිය මහතාට ලබාදිමට යොජනා වි ඇති බවයි.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ මූලික වගකීම කරු ජයසුරිය මහතා වෙත පැවැරිමට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ යොජනාව වි ඇති බව එහි සඳහන්.
මේවැනි පසුබිමක කථානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
ඉන් පසුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදුටුවාය.
අනතුරුව කරූ ජයසූරිය මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවාය.
කෙසේවෙතත් මහානායක හිමිවරුන් හා කථානායක කරූ ජයසූරිය මහතා අතර පැවැති සාකච්ඡා අවරණය කිරිමට මධ්‍යයට අවස්ථාව හිමි නොවු අතර හමුවිමෙන් පසුව කථානායක කරූ ජයසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමාට පක්ෂය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුව ඇති බවය.
අද දෙරණ
