බන්ධනාගාර රාජ්‍ය ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

  බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්තාපන රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද දිවුරුම් දුන්නේ ය. ඒ මහතා මෙම අමාත්‍ය ධුරය දරන්නේ දැනට ඔහු දරන මැණික් සහ ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධුරයට අමතර වශයෙනි.

මහර බන්ධනාගාර ගැටුමින් මියගිය 11 න් අටකට කොවිඩ්

මහර බන්ධනාගාරයේ පෙරේදා ඇති වූ ගැටුමින් වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතරින් 8 දෙනකු කොවිඩ් 19 රෝගීන් බව තහවුරු වී ඇති බව වාර්තා වෙයි. රාගම රෝහලේ දී කළ පශ්චාත් මරණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බව නිල වශයේ ප්‍රකාශයට පත් කොට ඇත. තුවාල ලබා ප්‍රතිකාර ලබන 30 කට වැඩි පිරිසකට ද , කොවිඩ්…

සෞඛ්‍ය අමාත්‍යංශය අද සවුත්තුම අමාත්‍යංශයක් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අද අපිට තේරෙන වචනවලින් කතා කළොත් සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තුම අමාත්‍යංශයක් බවට පත්වේගෙන යන්නෙ යැයි රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. ඊයේ (01) දින කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ පවසන්නේ ” අපි මේක නිරන්තරවම මතක් කළා සවුත්තු අමාත්‍යංශයක් කරන්න එපා, සවුත්තු දෙපාර්තමේන්තුවක් කරන්න එපා කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අද වැඩිපුරම ඉන්නෙ පළපුරුද්දක් නැති, කළ…

“ශ්‍රී ලංකාව විශාල ණය  ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා” – ජනාධිපති ගොඨාභය රාජපක්ෂ

“ශ්‍රී ලංකාව විශාල ණය ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා” – ජනාධිපති ගොඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා වැඩි වැඩියෙන් ණය ගැනීම වෙනුවට විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමටත් , දේශීය ආයෝජන දිරිගැන්වීමටත් කටයුතු කරන බව කී ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ආයෝජනවලට සම්පුර්ණ ආරක්ෂාව සලසන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ණය  ප්‍රශ්නයකට මුහුණ දී…

අද කොවිඩ් ආසාදිතයින් 541ක් ; පොකුර 20,983 යි ; සමස්තය 24,515 යි

අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 541  දෙනෙකු  හඳුනාගෙන ඇති  බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 268 ක් හා 273 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා කියයි. අද දිනය තුළ දී හඳුනාගත්  ආසාදිතයින් 541 ත් සමග මිනුවන්ගොඩ –…

තවත් කොවිඩ් මරණ 04ක් ; තිදෙනෙක් මියගොස් ඇත්තේ නිවෙස්වල ; සමස්ත මරණ ගණන 122ක් වෙයි

තවත් කොවිඩ් මරණ 04ක් අද(01) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ 10, කොළඹ 12 , කොලොන්නාව සහ රාජගිරිය යන ප්‍රදේශ වලින් මෙම මරණ වාර්තා වී ඇත. මෙයින් මරණ තුනක් ම සිදු වී ඇත්තේ නිවෙස්වල ය. ඒ අනුව මෙරට සමස්ත  කොවිඩ් මරණ සංඛ්‍යාව 122…

වසර ගණනකට පසු රටටම බලපාන සුළි කුණාටුවක් – හෙට (2) සවස හෝ රෑ දිවයිනට ඇතුළු වේවි – අවධානයෙන් සිටින්න

ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය අද (01) උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ලංව ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ වනවිට එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන බවත් හෙට (02) උදෑසන වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති. මෙම සුළි කුණාටුව බටහිර නැඹුරුව…

මහර ගැටුමින් 11 මරුට ; 117 කට තුවාල

මහර ගැටුමින් 11 මරුට ; 117 කට තුවාල

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ ගැටුමින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කරයි. තුවල ලබා  රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 117 කි. බන්ධමාගර නිලධාරීන් දෙදෙනකුද ඒ අතර වන බව වාර්තා වෙයි. තුවාල ලැබුවන් අතර තවත් 15 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව කියති . එක්  බන්ධනාගාර නිලධාරියකු ද දැඩි සත්කාර…

සිංගප්පූරුව, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එවීම ප්‍රතික්ෂේප කරයි!

ශ්‍රී ලංකාවේ විශේෂ මහාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව අර්ජුන් මහේන්ද්‍රන්ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය 2019 සැප්තැම්බර් මස 10 වන දින කරන ලද ඉල්ලීම සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.සිංගප්පූරුවේ නීති අනුව අර්ජුන් මහේන්ද්‍රන් වරදක් කර ඇති බවක් නිශ්චය කිරීමට ශ්‍රී ලංකාව විසින් මහේන්ද්‍රන්ට එරෙහිව ඉදිරිපත්…

තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි ; දෙක ම කොළඹින් පිට

කොවිඩ් ආසාදනය වීම නිසා සිදු වූ තවත් මරණ දෙකක් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපර්ර්තමේන්තුව වාර්තා කරයි . මෙලෙස මියගොස්  ඇත්තේ ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ අටුලුගම පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. මේ දෙදෙනා ම කොළඹින් පිට වීම විශේෂත්වයකි. මීට පෙර දිගට ම මරණ වැඩි වශයෙන් වාර්තා වුයේ කොළඹ නගර සභා සීමාව තුළිණි.

අදත් කොවිඩ් ආසාදිතයන් 496 ක් ; පොකුර 20,441 යි ; සමස්තය 23,974 යි

කොවිඩ් 19 ආසාදිතයින් 496ක් අද දිනයේ ද වාර්තා වී ඇත. 178 ක් සහ 318 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය. මේ අනුව වත්මන් කොවිඩ් පොකුර 20,441 ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව තුළ  මෙතෙක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 23,974 කි. මේ අතර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ…

මහර සිරගෙදර ගැටුම ගොඨාභය ජනාධිපති මිනීමරුවා කියන්න සැලසුම් කළ කුමන්ත්‍රණයක් – ඇමති විමල් වීරවංශ

මහර සිරගෙදර ගැටුම ගොඨාභය ජනාධිපති මිනීමරුවා කියන්න සැලසුම් කළ කුමන්ත්‍රණයක් – ඇමති විමල් වීරවංශ

මහර සිරගෙදර රැඳවියන් පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමත් , ගැටුමක් ඇති කරගෙන අට දෙනකු මියයාමේ සිද්දියත්,  ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මිනීමරු පාලකයකු බව ලොවට පෙන්වීමට කළ කුමන්ත්‍රණයක් බව විමල් වීරවංශ ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ගොඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටිය දී මිනිසුන් මැර වූ බවත් , ජනාධිපති වූ පසුවත් මිනීමරන බවත් ,…