මහර බන්ධනාගාර ගැටුමින් මියගිය 11 න් අටකට කොවිඩ්
මහර බන්ධනාගාරයේ පෙරේදා ඇති වූ ගැටුමින් වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතරින් 8 දෙනකු කොවිඩ් 19 රෝගීන් බව තහවුරු වී ඇති බව වාර්තා වෙයි.
රාගම රෝහලේ දී කළ පශ්චාත් මරණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බව නිල වශයේ ප්‍රකාශයට පත් කොට ඇත.
තුවාල ලබා ප්‍රතිකාර ලබන 30 කට වැඩි පිරිසකට ද , කොවිඩ් ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
