අද කොවිඩ් ආසාදිතයින් 541ක් ; පොකුර 20,983 යි ; සමස්තය 24,515 යි

අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 541  දෙනෙකු  හඳුනාගෙන ඇති  බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

268 ක් හා 273 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා කියයි.

අද දිනය තුළ දී හඳුනාගත්  ආසාදිතයින් 541 ත් සමග මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 20,983 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රට තුලින් හමු වූ ආසාදිතයින්ගේ සමස්තය 24,515 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *