සමහර ජාතීන් අනෙක් ජාතීන්ට වඩා ස්වෛරී ය – හර්ෂ ගුණසේන

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර ඇති අතර 2008 දී රුසියාව විසින් ජෝර්ජියාව ආක්‍රමණය කිරීම හැර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ පළමු ප්‍රධාන යුද්ධය මෙයයි. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ලොව පුරා දැඩි විවේචන පවතී. සුපිරි බලවතුන්ගේ බල අරගලය නිසා රටක සාමාන්‍ය ජනතාවට දුක් විඳීමට සිදුවන බවට මෙය හොඳ ම  උදාහරණයකි. සියලුම ජාතීන් ස්වෛරී ජාතීන්…

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට එරෙහි යෝජනාව එජා සංවිධානයේ අති බහුතරයකින් සම්මතයි ; පක්ෂව 141 යි, විපක්ෂව පහයි

  රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන ආක්‍රමණය කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුවට ඉදිරිපත් වූ  යෝජනාව අති විශාල වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. එක්සත් ජාතීන්ගේ මහ සභාව සාමාජික රටවල් 193 කින් සමන්විත වන අතර, මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ඡන්දය ලබා දුන් අතර විපක්ෂව ඡන්දය දුන්නේ රටවල් පහක් පමණී. ආක්‍රමණය සිදු…

අයි එෆ් එම් කොන්දේසි එළිදකී ; මුදල් අච්චුගැසීම නවතනු , රුපියල නිදහස් කරනු, පාඩු රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කරනු

වත්මන් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකළ හොත් ණය ඉහළ යන බවත්, විදේශ සංචිත හිඳෙන බවත්, උද්ධමනය ඉහළ මට්ටමක පැවතීමෙන් මහකනයා පීඩාවට පත්වන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය මෙන් ම, 2019 අග සිදුකළ බදු කපා හැරීම , මහ බැංකුව විශාල ලෙස මුදල් අච්චු ගැසීම ( ඍජු මුල්‍ය කරණය ) සහ රුපියල…

අද කොවිඩ් මරණ 23 යි, නව අසාදිතයින් 751 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 23 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 751 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන මගින් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,267 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 247,699 ක්…

මහ බැංකුව කියන දේ ආණ්ඩුව කරන්නේ නැහැ ; මට ඩොලර් මවන්න බෑ – කබ්රාල් දැන් කියයි

ඩොලර් අර්බුදයට හේතුව මහ බැංකුව කියන දේ ආණ්ඩුව නොකිරීම බවත්, තමන්ට ඩොලර් මැවිය නොහැකි බවත් , මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. ඛනිජ තෙල් මිල වැඩි කිරීම, ආනයනික භාණ්ඩ 700 ක තීරු බදු වැඩි කිරීම, උපාය මාර්ගික නොවන රාජ්‍ය ආයතන විකුණා මුදල් ගැනීම, ඩොලර්වලින් ගෙවීම් කර වාහන ආනයනයට අවසර දීම ඇතුළු…

විදුලියට ඩොලර් මිලියන 150 දෙන්න ජනාධිපති ම මැදිහත් වෙයි

දින හැටක් නොකඩවා විදුලිය දෙන්න මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා සිටි ඩොලර් මිලියන 150 ක මුදල ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වී ඇති බව වාර්තා වෙයි. මහජන උපයෝගිත කොමිසම අද නිවේදනය කළේ අඛණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට සහතිකයක් ලබා දුන් ජනාධිපතිතුමා අවශ්‍ය මුදල් සපයන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට නියෝග කළ බවයි. මහජන…

ගෝලීය අවපාතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

රුසියානු-යුක්රේන යුද්ධයෙන් මුළු ලෝකයම අවපාතයකට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ශ්‍රී ලංකාව ද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතු බව අද ප්‍රකාශ කළේය. “ආණ්ඩුව මේ තත්ත්වය දෙස ඇස් කන් පියාගෙන නොසිටිය යුතුයි. මතුවිය හැකි ගෝලීය අවපාතයකට මුහුණ දීමට ජාතිය සූදානම් කළ යුතුයි,” විජේවර්ධන මහතා සිරිකොත…

අද කොවිඩ් මරණ 22 යි, නව ආසාදිතයින් 914 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 22 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 914 ක් ලෙස වාර්තා කොට තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,244 ක් වශයෙනි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ…

මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි

  විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර්…

යුක්රේනයේ රුසියානු හමුදා පසුබැස්මෙන් ඉන්දියාවත් බියපත් වෙයි !

යුක්රේනයේ දී රුසියානු හමුදාවන්ට ඉක්මන් ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වීමත්, රුසියානු යුද උපකරණ බලාපොරොත්තු ප්‍රතිඵල ලබා නොදීමත් නිසා ඉන්දියාව ද කලබලයට පත්ව ඇති බව ඉන්දීය දේශපාලන විචාරකයෝ කියති. යුක්රේන යුද්ධයේ දී භාවිත කළ රුසියානු යුද අවිවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබූ බව නිරීක්ෂණය වීම එයට හේතු වී තිබේ. රුසියානු හමුදා විසින් යුක්රේන ඉලක්ක වෙත එල්ල කළ ඇතැම්…

මෙම අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකයි – ඇමති උදය ගම්මන්පිල

රටේ දැන් පවතින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඉන්ධන අර්බුදය , විදුලි අර්බුදය, ගෑස් හිගය, සිමෙන්ති හිගය, කිරිපිටි හිගය, ආදී විවිධ අර්බුද ගැන කතා කළ ද, තියෙන්නේ එක ම අර්බුදයක් බවත්, එය නම් ඩොලර් අර්බුදය බවත්, ඒ හැර වෙනත් කිසිම අර්බුදයක් නැති බවත්, ගම්මන්පිල මහතා කී ය. ඉන්ධන…

කියෙව් අගනුවරට ඇතුළුවෙන්න කිලෝ මීටර් 64 ක් දිගට රුසියන් හමුදා සීරුවෙන්

  යුක්රේනයත් රුසියාවත් අතර, බෙලරූස් දේශසීමාවේ, සාම කතා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාවට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී ඇති රුසියන් සන්නද්ධ රථ, යුද ටැංකි ආදිය දකින්න ලැබී…