ඉන්ධන,ගෑස් අර්බුදය ලබන සතියේ අවසන්? – මුදල් ඇමති බැසිල් කැබිනේට්ටුවට කියයි

  ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත . ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇතැයි ද පවසා…

අද කොවිඩ් මරණ 5 යි ; නව ආසාදිතයින් 296 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ක් වන අතර අලුතින් හඳුනාගත්  ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 296 කි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,436 කි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 658,493 ක් ලෙස සටහන් වෙයි.

තාක්ෂණික කමිටුවකට වැඩේ භාරදෙන්නැයි ආර්ථික උපදේශක කමිටුව කියයි

විදේශ විනිමය අර්බුදයට සහ ණය අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කිරීම ඒ සඳහා තාක්ෂණික දැනුම ඇති  මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ කණ්ඩායමකට භාරදිය යුතු බව ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කළ උපදේශක සභාව නිර්දේශ කොට ඇත. එමෙන් ම මුදල් ඇමතිවරයාට උපදෙස් දීම සඳහා ද විශේෂඥ කණ්ඩායමකගේ අවශ්‍යතාවය උපදේශක සභාව පෙන්වා දෙයි. එමෙන්…

ජනාධිපති කැඳ වූ සර්ව පාක්ෂික සමුළුව පක්ෂ රැසක් වර්ජනයේ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව පක්ෂ රැසක් මේ වන විට ප්‍රකාශ කොට ඇත. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇති අතර සමගි ජන බලවේගයට සම්බන්ධ සෙසු පක්ෂ ද එයට සම්බන්ධ නොවන බව වාර්තා වී…

අපි ශ්‍රී ලංකාව අත් හරින්නේ නැහැ – චීනය

මේ මොහොතේ තමන් ශ්‍රී ලංකාව අත් නොහරින බව මෙරට චීන තානාපති කුයි ෂැංහොං මහතා අද කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ඉල්ලා තිබෙන බව ප්‍රකාශ කළ චීන තානාපතිතුමා එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බව පැවසීය. එම ණය මුදල ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක ණය මුදලක්…

ඩොලරය රුපියල් 185 ට නගී ; මහ බැංකුව තවමත් නොනවත්වා රුපියල් මුද්‍රණයේ !

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 280 සිට රු. 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇත. ඩොලරයේ අගය පා කිරීමෙන් පසුව…

ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ ; රටින් පලා යන්නේත් නෑ- මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ….

“ජාතිය ජනපති අමතයි” – අනුර සූරියබණ්ඩාර 

අතිගරු ජනාධිපති තුමනි, ඔබ පසුගිය දා ජාතිය අමතා කළ කතාවට පිළිතුරු කතාවක් කරන්නට සිතා සිටි⁣යත් ගෑස් පෝළිම් , ඩීසල් පෝළිම් ආදියෙහි ලගින්නට සිදුවූ නිසා එය තරමක් ප්‍රමාද වුණා, සමාවෙන්න. අත්‍යවශ්‍ය ආහාර හිගය, මිල වැඩි වීම , ගෑස් හිගය, ඉන්ධන හිගය , විදුලිය ( බිඳ වැටීම කියා ඔබතුමා කිව්වත් )කප්පාදුව හොඳින් දැනෙන බව ඔබ තුමා කිව්වා….

අද කොවිඩ් මරණ 5 ක් , නව ආසාදිතයින් 236 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 5 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 236 ක් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,431 ක් ලෙස සටහන් වී ඇත. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 658,197 ක් වශයෙනි.

ලාෆ් ගෑස් මිල ඉහළට ; සිලින්ඩරයක නව මිල රුපියල් 4199 යි

ලාෆ් ගෑස් සමාගම තම ගෑස් මිල ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 2840 ක් ව පැවති කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199 ක් දක්වා ඉහළ දමා තිබේ . රුපියල 1136 ක්ව තිබු කිලෝ ග්රෑම් 5 ක සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1680 කි ලිට්රෝ ගෑස් සමාගම ද තම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල…

අද කොවිඩ් මරණ 4 යි; නව ආසාදිතයින් 238 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 238 කි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,426 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 657,961 ලෙස සටහන් වී ඇත.

හොරුන්ට රැකවරණයක් විය හැකි දත්ත ආරක්ෂණ පනත – අනුර කේ එදිරිසූරිය 

  වර්තමාන ලෝකයේ දත්ත සඳහා මහත් වටිනාකමක් ගොඩනැඟී ඇතැයි කීම නිවැරදිය. විශේෂයෙන්ම සමාජ ජාලා සහ වෙබ් අඩවි ප්‍රචලිත වීමත් සමඟ පුද්ගලයන් සහ ව්‍යාපාර පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සහ  තොරතුරු සත්‍ය වුව අදාළ පාර්ශ්ව වල අවසරයකින් තොරව ප්‍රචාරය කිරීම සම්බන්ධ ගැටලුවක් පැනනැගී තිබේ. ශ්‍රී ලංකාවේ ද දත්ත අවභාවිතය පිළිබඳ ගැටලුවක් තිබේ. ඇතැම් තොරතුරු සහ…