සජබ විශාල පිරිසක් එජාපයට එනවා – අමාත්‍ය හරින් ප්‍රනාන්දු

  සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව සංචාරක ඇමති  හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත . ඒමහත කියා ඇත්තේ සජබයෙන් තමන් ඉවත් කිරීම පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන්බ් පසුව එය සිදුවනු ඇති බවයි. සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව ද, අදාළ තීරණය සම්බන්ධයෙන්…

නාරා ආයතනයේ නිලධාරීන් අද චීන නෞකාවට

‍දිවයිනට පැමිණ ඇති “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිය ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සහභාගී වීමට නියමිත බවය. ඊට අමතරව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද…

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත එලෙස විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. නොවැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය නොවැම්බර් 07 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ….

සරත් ෆොන්සේකා සජබයෙන් දොට්ට දැමීම තීන්දුයි

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ඔහු දරන සභාපති තනතුරින් ඉවත් කිරීමට එම පක්ෂයේ ප්‍රබලයින් තීරණය කොට ඇති බව වාර්තා වෙයි. පක්ෂ නායකත්වය විවේචනය කිරීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇතැයි කියති. පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයට තරඟ…

SJB උපරිමාධිකරණයට ව්‍යාජ ලේඛණ ඉදිරිපත්කර මාට්ටුයි

  සමගි ජන බලවේගයේ පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයේ දී සඳහන් කළේය. මනුෂ නානායක්කාර හා හරින් ප‍්‍රනාන්දු යන ඇමතිවරුන් එම පක්‍ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට අදාළව මෙසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි නීතිඥවරයා අධිකරනයේදී කියා සිටියේය. අදාල ලේඛන ව්‍යාජ ලේඛණ නිසා…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් සමාජ සංවිධාන රැසක් එක්වී පිහිටුවාගෙන තිබෙන We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල පුරවැසි සභාව 2023 ඔක්තෝබර් 27 වන දින (ඊයේ) සවස දංගෙදර, සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විනි. මෙම සම්මන්ත්‍රණය “මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක්” යන තේමාව ඔස්සේ සිදු වූ අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය රොහාන් සමරජීව,…

බජට්ටුවට කලින් කැබිනට්ටුවේ වෙනසක්

කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය  ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  රජයට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත….

බුද්ධික පතිරණ බේරාගන්න දේශපාලන මෙහෙයුමක්

  නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දී සටහන් ළඟ තබා ගනිමින් පිළිතුරු ලියු බවට චෝදනා එල්ල වී ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා බේරාගැනීම සඳහා දේශපාලන මෙහෙයුමක් දියත් වී ඇති බව වාර්තා වෙයි. විපක්ෂයේ ප්‍රබල නායකයින් එයට මැදිහත් වී අහි බව ද කියති. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වෙත ද මෙම ඉල්ලීම ඉදිරිපත්…

මන්ත්‍රී නීති විභාගයේදී කොපි ගහලා

  නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින්  පැවසේ. නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය. මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට…

පොහොට්ටුව විරුද්ධ වෙද්දී මහින්ද රනිල් සමග !

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා කළ ඇමති මණ්ඩල සංශෝධනය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අසාධාරණයක් සිදු වූ බවට එම පක්ෂ නායකයින් මැසිවිලි නගද්දී ඒ පිළිබඳව ගැටුම් ඇතිකර නොගන්නා ලෙස එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ…

ජනාධිපතිට විරුද්දනම් ආණ්ඩුවෙන් යනු – මැතිවරණයක් කැදවනවා.- නිමල් ලන්සා පොහොට්ටුවට අභියෝග කරයි

  කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදු කළ බවත් එතුමා සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස්…

චීන ණය ප්‍රතිව්‍යුහගතකිරීම ගැන අමෙරිකාවෙන් මැසිවිල්ලක්

  චීනයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුගත කිරීමට දෙරට අතර ඇතිව තිබෙන එකගත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව මැසිවිලි නගා ඇති බව වාර්තා වෙයි. මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරණය විනිවිද භාවයෙන් යුතුව සහ සැමට සමාන ආකාරයෙන් සිදුවිය යුතු බවයි. මෙය චීනය සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත්…