පොහොට්ටුව විරුද්ධ වෙද්දී මහින්ද රනිල් සමග !

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා කළ ඇමති මණ්ඩල සංශෝධනය මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අසාධාරණයක් සිදු වූ බවට එම පක්ෂ නායකයින් මැසිවිලි නගද්දී ඒ පිළිබඳව ගැටුම් ඇතිකර නොගන්නා ලෙස එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම්මහත සහ නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දී ඇත.

එම හමුවෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකශ කළේ සිදු වී ඇත්තේ තනතුරු හුවමාරුවක් පමණක් බව යි. එසේ කිරීමට ජනාධිපතිවරයාට බලයක් ඇතත් අනෙක් පක්ෂවල අදහස් විමසිය යුතුව තිබු බව ද ඒ මහතා කී ය.

එසේ වුව ද මෙම ප්‍රශ්නය මත දේශපාලන මත ගැටුමක් මේ වනවිට නිර්මාණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *