චීන ණය ප්‍රතිව්‍යුහගතකිරීම ගැන අමෙරිකාවෙන් මැසිවිල්ලක්

 

චීනයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුගත කිරීමට දෙරට අතර ඇතිව තිබෙන එකගත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව මැසිවිලි නගා ඇති බව වාර්තා වෙයි.

මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරණය විනිවිද භාවයෙන් යුතුව සහ සැමට සමාන ආකාරයෙන් සිදුවිය යුතු බවයි.

මෙය චීනය සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟත්වය පිළිබඳ අතෘප්තිය ප්‍රකාශ කිරීමක් බව නිරීක්ෂකයෝ කියති.

ඇමෙරිකානු තානාපතිනිය මෙම ප්‍රකාශය කළේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමු වී කළ සාකච්ඡාවකින් පසුව ය.

ඊට පෙර එතුමිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද හමු වී සාකච්ඡා කළාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *