විදේශ ප්‍රේෂණ ලැබීමේ දැවැන්ත වර්ධනයක් ; පෙබරවාරියේ 98% කින් ඉහළට

    විදේශීය ප්‍රේෂණ මගින් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 407 ක් මෙරටට ලැබී ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සැසඳීමේ දී සියයට 98 ක් වර්ධනයකි. ජනවාරි පෙබරවාරි මස දෙකේ ලැබී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 844 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 82 ක වර්ධනයක් ලෙස සටහන් වෙයි. පසුගිය වසරේ මුල්…

බුද්ධික පතිරණට, වලේබොඩට පාර් ලිමෙන්තුවේ ඉහළ තනතුරු

  විපක්ෂයේ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සභාපති තනතුරකර පත් කරනු ලබා ඇත. ඒ මහතා පත්කර ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙසට ය. එමෙන් ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ආර්ථික අර්බුදයේ…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක්…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනත් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග…

ඡන්දය ගැන සජිත්ගේ පැමිණිල්ලට මහ නා හිමිවරුන්ගෙන් ප්‍රතිචාර නැහැ

  පාලත් පාලන ඡන්ද විමසීම කල් දැමීම ගැන මහ නා හිමිවරුන්ට කරුණු කියා ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහ නා හිමිවරුන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වෙයි. සජිත් තම දුක් ගැනවිල්ල දිගින් දිගට ඉදිරිපත් කළ ද එය අසා සිටියා විනා මහ නා හිමිවරුන් කිසිදු ප්‍රකාශයක් කළේ නැත. හමුවීමෙන් පසු…

|

උද්ඝෝෂකයින්ට ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් ගහන බවට පොලිසියෙන් සහතිකයක් !

    උද්ඝෝෂන විසුරුවා හැරීම සඳහා පොලිසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් පාවිච්චි නොකරන බවත්, ඉහල ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් පාවිච්චි කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරයි. පොලිසිය උද්ඝෝෂණ විසුරුවා හැරීමට කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල වී ඇති විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ…

මානව හිමිකම් කොමිසමත් දෙකට බෙදේ ! – පොලිස් ඇමති කැඳවීමට පහෙන් හතරක් විරුද්ධයි !!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවීමේ තීන්දුවට තමන්ගේ කිසිඳු සම්බන්ධයක්නොමැති බව එම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා එලෙඹන 13 වන සඳුදා දින මහජන අමාත්‍යවරයාට කැඳවීමක් සිදුකර ඇති…

සල්ලි ගන්න කොන්ත්‍රාත් කාරයොත් අධිකරණයට ගියොත් විශාල ප්‍රශ්නයක් – ප්‍රේමනාත් දොලවත්ත

  රජය කොන්ත්‍රාත් කාරයන්ට ද විශාල මුදලක් ගෙවීමට ඇති බවත්, ඔවුන්ට ද දැන් අධිකරණයට යා හැකි වන බවත්, අයවැයෙන් වෙන් කර ඇති නිසා ගෙවන්න කියා තීන්දු දුන්නොත් විශාල ප්‍රශ්නයක් ඇතිවන බවත්, ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අධිකරණය පසුගිය දා දුන් අතුරු තහනම් නියෝගයෙන් පාර් ලිමේන්තු වරප්‍රසාද කඩ වන බවට දොලවත්ත මන්ත්‍රීවරයා…

රුපියල ශක්තිමත් වීම නව ආර්ථික පෙරළියක ඇරඹුමයි – ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයර්වණ

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මහ බැංකු වාර්තා අනුව ඊයේ (9දා) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.36ක් වන අතර විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා රුපියල ඉහළ යෑම සහ ඒ හා සමගාමීව ආර්ථිකය ශක්තිමත් වන ආකාරය පිළිබඳ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ…

මහ බැංකුව ඩොලර් මිලියන 500 ක් මිල දී ගනී

  ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වූ බවත් පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දෙරණ නාලිකාවේ විකාශය වූ Rebuild Sri Lanka වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා…

රුපියල නවතාගන්න මහ බැංකුව ඩොලර් ගනී

  රුපියල වේගයෙන් අධිප්‍රමාණ වීම නැවත්වීම සඳහා මහ බැංකුව වෙළෙඳපොළේ මැදිහත් වී ඩොලර් මිල දී ගනිමින් සිටින බව විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. එලෙස ඩොලර් මිල දී නොගත්තේ නම් ඩොලරය රුපියල් 275 මට්ටමට ලඟා වීමට ඉඩ තිබු බව කියති. මේ වන විට මහ බැංකුව මැදිහත් වී ඩොලරය පවත්වාගෙන යන්නේ රුපියල් 300 -310 සීමාවේ ය. ඩොලරය…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල්වල ; පළමු සමාලෝචනයට පෙර වැඩ අවසන් !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා…