සල්ලි ගන්න කොන්ත්‍රාත් කාරයොත් අධිකරණයට ගියොත් විශාල ප්‍රශ්නයක් – ප්‍රේමනාත් දොලවත්ත

රජය කොන්ත්‍රාත් කාරයන්ට ද විශාල මුදලක් ගෙවීමට ඇති බවත්, ඔවුන්ට ද දැන් අධිකරණයට යා හැකි වන බවත්, අයවැයෙන් වෙන් කර ඇති නිසා ගෙවන්න කියා තීන්දු දුන්නොත් විශාල ප්‍රශ්නයක් ඇතිවන බවත්, ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අධිකරණය පසුගිය දා දුන් අතුරු තහනම් නියෝගයෙන් පාර් ලිමේන්තු වරප්‍රසාද කඩ වන බවට දොලවත්ත මන්ත්‍රීවරයා ඉදිරිපත් කොට ඇති වරප්‍රසාද ප්රශ්නය සම්බන්ධයෙන් අද පාර් ලිමෙන්තුවේ ඇති වූ මත ගැටුමක දී දොලවත්ත මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කළේය.
එම වරප්‍රසාද ප්රශ්නය විභාග කොට අවසන් වන තෙක් එකී නියෝගය යටතේ මුදල් ගෙවීම නවත්වන ලෙස නිලධාරීන්ට දැනුම් දෙන්නයි මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා අද කළ ඉල්ලීමකට විපක්ෂය විරෝධය ප්‍රකාශ කිරීමත් සමග මෙම මත ගැටුම සිදුවීය.
