ජී එල් , ඩිලාන් , පියසිරි , ටිරාන් දංගෙඩියට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ ලේකම් ධුරය  වෙනස්කරමින් බලය අතට ගැනීමත් සමග මහින්දවාදීන් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුව සිටි ජී එල් පීරිස් , ඩිලාන් පෙරේරා , පියසිරි විජේනායක , ටිරාන් අලස් ආදීන්ගේ ඉරණම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත . ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකරනුයේ පක්ෂ ලේකම්වරයාගේ නිර්දේශය අනුවය . මැතිවරණයේදී මෛත්රීවාදීන් පරාජය කොට ඉවත්කිරීමට රාජපක්ෂවාදීන්…

මෛත්‍රීගේ බී සැලසුම ක්‍රියාත්මකයි

මහ මැතිවරණය අවස්ථාවේදී ශ්‍රීලනිපයේ බලය ලබාගත නොහැකිව පසුබැස ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ බලය සියතට ගැනීමේ බී සැලසුම ක්‍රියාවට නගා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ප්‍රතිවාදීන්ට ක්‍රියාත්මක වියහැකි ඉඩකඩ අවම වූ මොහොත තෝරාගෙන ජනාධිපතිවරයා තම සැලසුම ක්‍රියාවට නගා ඇති බව නිරීක්ෂකයන්ගේ මතයයි . මැතිවරණයට පෙර පක්ෂයේ බලය ලබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළේ නම්…

සන්ධානය ඉවරයි !

මෙම මැතිවරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවැත්ම අවසන්වීමේ තත්ත්වයක් උද්ගතව ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඊයේ මහින්ද රාජපක්ෂ මහතාට යව ලිපියෙන් මේ බව වැඩිදුරටත් තහවරු වී ඇති බව නිරීක්ෂකයන්ගේ විශ්වාසයයි . සන්ධානයේ  කුඩා පක්ෂ තමන්ගේ සිතැගි පරිදි ශ්‍රීලනිපය මෙහෙයවීමට උත්සාහ දැරීමත් මැතිවරණයේදී මනාප සදහා ඇතිව තිබෙන ගටමත් නිසා මෙම…

මැතිවරණයෙන් එජාපයට ආසන එකසිය දහයක් – ටී කේ රිසර්ච් සමීක්ෂණ වාර්තාවක්

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකසිය දහයක් දිනාගන්නා ටී කේ රිසර්ච් ඇන්ඩ් සොලුටිඔන්ස් ආයතනය කළ ස්වාධීන ජනමත සමීක්ෂණයකින් හෙළිදරවු කොට ඇත . ඔවුන්ගේ සමීක්ෂණයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන අසු හතරක්ද ජනතා විමුක්ති පෙරමුණට දහ සයක්ද දෙමල ජාතික සන්ධානයට දහ හතරක් ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනයක්ද හිමිවනු ඇත . මෙම සමීක්ෂණය අනුමාන නිගමන…

තාජුදීන් ඝාතනයේ තොප්පිය ඩිලාන් දාගෙන

රගර් ක්‍රීඩක තජුදීන්ගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ කරන්නේ නම් අතීතයේ මියගිය විජයදාස ලියනාරච්චි , තේමිස් ගුරුගේ , විජය කුමාරතුංග අදීන්ගේද සිරුරු ගොඩගත යුතුයයි ඩිලාන් පෙරේරා හිටපු ඇමතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයෙන් තාජුදීන් ඝාතනය සන්ධාන රජයේ බලවතුන්ගේ ක්‍රියාවක් බව පිළිගෙන ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ඩිලාන් පෙරේරා මහතා මාධ්‍යයට කීවේ මෙම ඝාතන සොයනවානම් එජාප රජයෙන් කළ ඝාතනද සෙවිය…

තාජුදීන් ඝාතනය ගැන තොරතුරු ඇතත් ඉදිරි පියවර අත්හිටුවයි !

එවකට ජනාධිපති ආර්යාවගේ භාවිතය සදහා රාජ්‍ය නොවන සංවිධානයකින් ලබාදී තුබූ වාහනයකින් රගර් ක්‍රීඩක තාජුදීන් පැහැරගෙන ගොස් වධ හිංසා කළ ආකාරය පිලිබදව සාක්ෂි ඉදිරිපත් වී ඇතත් එයට වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට පොලීසිය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . පොලීසිය මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමසාරිස් තුමාගේ ඉල්ලීමක් නිසා බවද වාර්තා…

ඩිලාන්ගේ කෝටි දෙසීය විස්සක වංචා ගැන පරීක්ෂණයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී අතයේ කියන රුපියල් කෝටි දෙසීය විස්සකට අධික මුදල් වංචා සම්බන්ධයෙන් හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය පරීක්ෂණයක් අරඹ කොට ඇති බව වාර්තා වෙයි . විගණකාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති පිටු අසුවක වාර්තාවක් පදනම් කොටගෙන මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇත . මෙම මුදල් වංචා බොහොමයක් සිදුව ඇත්තේ ඩිලාන්…

ප්‍රගීත් පැහැරගත්තේ පවුල් ගස ගැන ලියු නිසා – සාජන් මේජර් සියල්ල හෙළිකරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ප්‍රශ්න කළේ “පවුල් ගස” ගැන පොතක් ලිවීමත් ජෙනරාල් සරත් ෆොන්සේකා සමග තුබූ සබදතා පිලිබදවත් බව ඔහුගෙන් ප්‍රශ්න කළ සාජන් මේජර් රන් බණ්ඩා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත . හමුදා බුද්ධි අංශයේ සේවය කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනකු සමග එක්ව ප්‍රගීත් පැහැරගෙන ගොස් ඇත්තේ කෝප්‍රල් ප්‍රියන්ත නම්…

“රජ පවුලයි මා වවුලෝයි” ප්‍රගීත් බිලිගත් හැඩයි

අභිරහස් ලෙස අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඝාතනය කොට ඇත්තේ දෙදහස් දහයේ ජනාධිපතිවරණය සඳහා ඔහු ඇතුළු පිරිසක් ප්‍රකාශයට පත්කළ “ හංස සංදේශය “ පුවත්පතට ලියු “රජ පවුලයි මා වවුලෝයි එල්ලීගෙන රටම හපයි “ ශිර්ස පාටය යටතේ පළවූ ලිපිය නිසා බව විශ්වාස කළහැකි තොරතුරු දැන් හෙළිදරවු වී ඇත . මෙම ලිපියේ ප්‍රගීත්ගේ මුල් පිටපත…

රාජපක්ෂලාගේ වැඩ අපේ පක්ෂයට ලැජ්ජාවක් – චන්ද්‍රිකා – කුරුණෑගලදී

මේ රටට ශක්තිමත් පක්‍ෂ දෙකක් අවශ්‍යයි. දැනට තියෙන ලොකුම පක්‍ෂ දෙක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, එක්සත් ජාතික පක්‍ෂයයි. එක පක්‍ෂයක් තිබුණොත් ඒකාධිපතිවාදය කරා වැඩිදියුණුවෙලා යන්න පුළුවන්. රාජපක්‍ෂගේ කාලයේ සිද්ධ වුණා වාගේ. ඉතින් මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගත යුතුයි. මගේ ඇෙ`ග් ලේවල තියෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය. සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි බලය විසින් සංවිධානය…

ජනාධිපති සෙවනේ සිටින පිරිසක් මහින්දට කඩේ ගිහින් මාට්ටු

ජනාධිපතිතුමාගේ උපදේශක හා මාධ්‍ය අංශයේ තනතුරු දරන කිහිප දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චා පවත්වමින් කරගෙන ගිය රහසිගත දේශපාලන සෙල්ලමක් හෙළිදරවු වී ඇති බව ජනාධිපති තුමාට සම්බන්ධ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත . මෙම තත්ත්වය වාර්තා වීමත් සමග ඔවුන්ගේ අදහස් නොතකා තනිව තීරණ ගැනීමට ජනාධිපතිතුමා පෙළබී සිටින බවද කියති . අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග දැඩි…

කුරුණෑගල සන්ධාන රැස්වීමකදී මහින්දට දෝස්මුරයක්

කුරුණෑගල එජනිස අපේක්ෂකයන් සහ මැතිවරණ සංවිධාන ක්‍රියාදරයන්ගේ සහභාගීත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතාට බලවත් විවේචනයක් එල්ල වූ බව යුක්තිය ට වාර්තා වෙයි . දිස්ත්‍රික්කයේ රැස්වීම්වලදී මහින්ද හැර වෙනත් අපේක්ෂකයන්ට ප්‍රචාරය නොදීමට තීරණයක් ගෙන තිබියදී හිටපු ජනාධිපතිවරයාගේ කතාවල දී ඇතැම් අපේක්ෂකයන් පමණක් වර්ණනා කීරීම ගැන මෙම විරෝධය පල වී ඇත .රැස්වීමේදී නැගී සිට තම විරෝධය…