ප්‍රගීත් පැහැරගත්තේ පවුල් ගස ගැන ලියු නිසා – සාජන් මේජර් සියල්ල හෙළිකරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ප්‍රශ්න කළේ “පවුල් ගස” ගැන පොතක් ලිවීමත් ජෙනරාල් සරත් ෆොන්සේකා සමග තුබූ සබදතා පිලිබදවත් බව ඔහුගෙන් ප්‍රශ්න කළ සාජන් මේජර් රන් බණ්ඩා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත . හමුදා බුද්ධි අංශයේ සේවය කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනකු සමග එක්ව ප්‍රගීත් පැහැරගෙන ගොස් ඇත්තේ කෝප්‍රල් ප්‍රියන්ත නම් නිලධාරියා විසිනි .
ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන දින තුනක් ප්‍රශ්න කළ පසුව ගමනක් යන්නට කියා සිරිවර්දන නම් නිලධාරියා ප්‍රගීත්ව රැගෙන ගිය බවත් ඉන්පසු ඔහු දකින්නට නොලැබුණු බවත් සාජන් මේජර් රන් බණ්ඩා පවසා තිබේ .
මෙම පැහැරගැනීමට සම්බන්ධ අනෙක් නිලධාරීන්ද අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි .
ප්‍රගීත් පැහැරගැනීමට නියෝග ලැබුනෙත් ප්‍රශ්න කිරීමට උපදෙස් ලැබුනේත් ඉහළම බලධාරීන්ගෙන් බව කියති .
මෙහිදී “පවුල් ගස “ පිළිබද පොතක් ලෙස සදහන් වන්නේ යුක්තිය මින් පෙර ප්‍රව්ර්තියේ සදහන් කළ “රජ පවුලයි මා වවුලෝයි “ නම් ලිපියට මුල්වූ ලියවිල්ල බව පැහැදිලිය . එම ලිපිය ප්‍රකාශයට පත්වුයේ නැති අතර ප්‍රකාශයට පත්වුයේ එයින් සකස් කරගත් ඉහත කී ලිපියයි .
