සන්ධානය ඉවරයි !

මෙම මැතිවරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවැත්ම අවසන්වීමේ තත්ත්වයක් උද්ගතව ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඊයේ මහින්ද රාජපක්ෂ මහතාට යව ලිපියෙන් මේ බව වැඩිදුරටත් තහවරු වී ඇති බව නිරීක්ෂකයන්ගේ විශ්වාසයයි .

සන්ධානයේ  කුඩා පක්ෂ තමන්ගේ සිතැගි පරිදි ශ්‍රීලනිපය මෙහෙයවීමට උත්සාහ දැරීමත් මැතිවරණයේදී මනාප සදහා ඇතිව තිබෙන ගටමත් නිසා මෙම තත්ත්වය වර්දනය වී ඇතැයි කියති . තමන්ගේ චන්ද පදනමක් නැති ඇතැමුන් ශ්‍රීලනිපයේ චන්දවල මනාපවලින් පාර්ලිමේන්තු යාම නිසා තමන්ගේ අවස්ථාව අහිමි වන බවත් එය අසාදාරන බවත් ශ්‍රීලනිපයේ ඇතැම් නායකයෝ කියති .

ජනාධිපතිතුමා රාජපක්ෂ  මහතා වෙත යවනලද ලිපියටද මෙය හේතුවක් වූ බව දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *