මහින්දගේ පත්වීමට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

මහින්දගේ පත්වීමට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කිරීමට  එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඊයේ  (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ මෙසේ ද…

මෙහෙම ගියොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු

මෙහෙම ගියොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු

මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර ඇත.රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා ඒ බව පවසා තිබේ.ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය…

ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ –  එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ
|

ඡන්ද බලයත් පාර්ලිමේන්තුවත් පගලා පැත්තකට දාන්න අපි ඉඩදෙන්නෙ නෑ – එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ

‘ජනවරමට ගරු කරනු – පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන තේමාව යටතේ අද (30) සවස කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අවට පරිශ්‍රය දී පැවැත්වූ ජන රැලියට සහභාගි වූ අතිවිශාල ජනතාවක් අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කතාව. මෙහිදී සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක, රවී කරුණානායක, රංජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ‍ෆොන්සේකා, වික්‍රමබාහු කරුණාරත්න…

දුමින්ද දිසානායක ඇතුළු දහයක් ස්වාධීන වෙති

දුමින්ද දිසානායක ඇතුළු දහයක් ස්වාධීන වෙති

හිටපු ඇමති දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රීලනිපයේ දහ දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාදීනව කටයුතු කිරීමට තීරණය කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇත . මහින්ද රාජපක්ෂ මහතාගේ ඇමති මණ්ඩලයේ තනතුරු භාර ගැනීමද මෙම පිරිස විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත . එජාපය සමග එක් නොවන බව ද දුමින්ද දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත…

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කුමන්ත‍්‍රණය කළ බවට  කිසිදු හඬපටයකින්  තහවුරු වී නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කුමන්ත‍්‍රණය කළ බවට කිසිදු හඬපටයකින් තහවුරු වී නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  මහතා ප‍්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගත්තේ  සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (26) පැවසීය. ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කුමන්ත‍්‍රණය කළ බවට  නාමල් කුමාර මහතා  අපරාධ පරීක්ෂණ…

බැදුම්කරය ගැන ඇත්ත කියන්නේ ජනාධිපතිද ? ජනාධිපති කොමිසමද ?

බැදුම්කරය ගැන ඇත්ත කියන්නේ ජනාධිපතිද ? ජනාධිපති කොමිසමද ?

බැදුම්කර චෝදනාවෙන් රනිල් , මලික් , කබීර් සහ එජාපය නිදොස් කොට නිදහස් ගනුදෙනුවල ලාභ සියල්ල ඇලෝසියස්ගේ සමාගම්වල – එජාප කිසිවෙක් මුදල් ගෙන නෑ බැදුම්කර ගනුදෙනු මගින් පෙර්පෙචුඅල් ට්‍රේසරීස් සමාගම ලැබූ ලාභ සියල්ල එම සමාගම් සමුහයේ ගිණුම්වල තැන්පත්ව ඇති බවත් එයින් කිසිදු මුදලක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට හෝ ලැබී නැති බවත් බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සදහන්…

රාජ්‍ය මාධ්‍යවල වැඩ බලන්න අලුත් ප්‍රධානීන්

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩ බලන සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.නීතිඥ සරත් කෝන්ගහගේ මහතා- වැඩබලන සභාපති -ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආචාර්ය සෝමරත්න දිසානායක මහතා – වැඩබලන සභාපති- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වසන්ත ප්‍රිය රාමනායක මහතා – වැඩබලන සභාපති- සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

නොගැලපෙන විවාහයක් අවසන් කළා – ජනපති – (කරගත්තේ ගැලපෙන විවාහයයි!)

තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමෙන් කරගත්තේ නොගැලපෙන විවාහයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළේය . රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඊයේ  (27 වැනිදා)…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන්න  – යුරෝපා සංගමයෙන් අවවාදයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන්න – යුරෝපා සංගමයෙන් අවවාදයක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත. මෙරට ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා  සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර ඇත.එම රටවල තානාපතිවරුන් නිකුත් කල එම  නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ  සියලු පාර්ශව  ගැටුම්…

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්

ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය. ‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)…

අගමැති රනිල්ට  121 ක බහුතරයක්

අගමැති රනිල්ට 121 ක බහුතරයක්

ආණ්ඩු ක්‍රමයේ 19 වැනි සංසෝදනයට අනුව අගමැති වරයා ඉවත් කිරීමේ බලතල ජනාදිපති වරයාට නොමැත්තේය ,නමුත් ජනාදිපති වරයා නව අගමැති වරයෙක් පත් කොට ඇති අතර පවතින ආණ්ඩුව හා අගමැති වරයා බලය අතහැරීම ප්‍රතික්ෂේප කොට තිබේ වරයා,ඒ අනුව අගමැතිවරයා තෝරා ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ලැබී තිබේ .දෙමල සන්දානයේ නියෝජිතයින් අඩුම තරමින් 11 දෙනෙකු හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 7…

දේශපාලන අර්බුදයක්

දේශපාලන අර්බුදයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමත් සමග දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත . රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යනුකුල අගමැති තම බව ජනාධිපති වෙත දැන්වා යව ඇත . වහාම පාර්ලිමේන්තුව කැදවීමට ද යෝජනා වී ඇත . එජාප මන්ත්‍රීවරුන් දෙදෙනකු මහින්දට සහය පළකර ඇතත් පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව එජාපය කියයි ….