පුවත්පත් ආයතනයත් 20 ට එරෙහි වෙයි !

පුවත්පත් ආයතනයත් 20 ට එරෙහි වෙයි !

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනයට එරෙහිව අධකරණ ක්‍රියාමාර්ගවලට එක්වීමට මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන ගණනාවක් නියෝජනය කරන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ද තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. එම ආයතනයේ පෙත්සම ශ්‍රේෂ්ටාධිකරණයට අද ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ශ්‍රී ලංකා කර්තෘවරුන්ගේ සංසදය , පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය ආයතන  වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංගමය, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සම්මේලනය ආදී සංවිධාන රැසක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට සම්බන්ධය. 

විස්සේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි, ඊට අනුමැතිය දිය නොහැකියි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

විස්සේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි, ඊට අනුමැතිය දිය නොහැකියි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

20 වෙනි සංශෝධනයේ වගන්ති බහුතරයක් දෝෂ සහිත බැවින් ඊට අනුමැතිය ලබාදිය නොහැකිය යන්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය බව එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම සංගමය විසින් පත්කළ කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග මහතා පවසයි. “20 වෙනි සංශෝධනයේ බහුතරයක් වගන්ති දෝෂ සහිතයි. ඒනිසා ඒ වගන්තිවලට අනුමැතිය දිය නොහැකි බවට තමයි නීතීඥ…

20 පරදන්න චන්ද‍්‍රිකා සැරසේ.. මැති ඇමතින්ට අමතයි.. නුදුරේදීම විපක්‍ෂ වේදිකාවට..

20 පරදන්න චන්ද‍්‍රිකා සැරසේ.. මැති ඇමතින්ට අමතයි.. නුදුරේදීම විපක්‍ෂ වේදිකාවට..

පාර්ලිමේන්තුවේ දැනටත් සභාගත කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පිරිස් එක් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරමින් සිටි. ඇය හිතවත් දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් දෙමින් හා මුණගැසී විසිවෙනි සංශෝධනයේ ඇති අයහපත් තත්ත්වයන් පෙන්වා දෙමින් ඇතැයිද වාර්තා වේ. මෙම සංශෝධනයට එරෙහි වේදිකාවකට කුමාරතුංග මහත්මිය ඉක්මනින්ම ගොඩවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි….

මැතිවරණ කොමිසම අහෝසියි !

මැතිවරණ කොමිසම අහෝසියි !

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් මැතිවරණ කොමිසම නොවැම්බර් 3 දා වනවිට අහෝසි වන බව වාර්තා වෙයි. ඒ, එම කොමිසමේ සාමාජිකයන්ගේ නිල කාලය අවසන්වීම නිසා ය. අලුතින් මැතිවරණ කොමිසම පත්කිරීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත . 20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කරගෙන තමන්ට කැමති ලෙස මැතිවරණ කොමිසම අලුතින් පිහිටුවීම ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි කියති.

කොවිඩ් 19 පාලනයෙන් ශ්‍රී ලංකාව දෙකට ගෙනා වාර්තාව චිනුන්ගේ

කොවිඩ් 19 පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාවට ලෝකයේ දෙවන ස්ථානය හිමි වී ඇතැයි පලවන වාර්තාවලට අදාල සමීක්ෂණ වාර්තාව නිකුත්කොට ඇත්තේ චීනයේ සමීක්ෂණ ආයතනයකිනි. එය යිකායි ( YICAI ) නම් සමීක්ෂණ ආයතනයකි . එය චීනයේ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ද ආයතනයකි. එම සමීක්ෂණයට අනුව කොවිඩ් 19 පාලනයෙන් චීනයට පළමු ස්ථානය ද , ශ්‍රී ලකාවට දෙවන ස්ථානය ද හිමිව තිබේ.

20වන සංශෝධනයෙන් වාර්ෂික ආදායම රුපියල් කෝටි 32 471ක් වන ආයතන 117ක් විගණනයෙන් ඉවතට – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

20වන සංශෝධනයෙන් වාර්ෂික ආදායම රුපියල් කෝටි 32 471ක් වන ආයතන 117ක් විගණනයෙන් ඉවතට – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන ක්‍රියාවලියෙන් ඉවත් කර ඇති රාජ්‍ය ආයතන අතර වාර්ෂික ආදායම රුපියල් කෝටි 32 471ක් වන ආයතන 117ක් අඩංගු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි මෙම ආයතන අතර එයාපෝට් ඒවියේෂන්, ශ්‍රීලංකා ගුවන් සමාගම, මිහින් ලංකා, ලංකා සතොස, ලංකා හොස්පිට්ල්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ්, රක්නා ලංකා…

20 වැනි සංශෝධනය නීතියේ ආධිපත්‍යයටත් රටේ ස්වෛරීභාවයටත් තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

20 වැනි සංශෝධනය නීතියේ ආධිපත්‍යයටත් රටේ ස්වෛරීභාවයටත් තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති මෙරට නීතියේ ආධිපත්‍යයටත් ජාතික ස්වාධිපත්‍යයට සහ ස්වෛරී භාවයටත් තජනයක් වන බව මෙරට නීතිඥ ප්‍රජාවගේ ඉහළ ම සංවිධානය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත්කළ විශේෂ අධ්‍යයන කමිටුව ප්‍රකාශ කොට ඇත . 20 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන මුක්තිය රටේ නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව එම කමිටුවේ නිගමනය වී තිබේ. එම කමිටුව කියන්නේ මෙය නීතිය ඉදිරියේ සමානාත්මතාවය පිලිබඳ මුලධර්මය ද උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන් ම පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ගැන වගවීමෙන් ජනාධිපති නිදහස් කිරීම ජානාධිපති අතින් පුරවැසි මානව හිමිකම් උල්ලංඝනයට ඉඩ දීමකි. එය අතිශය භයානක තත්ත්වයකි . වෙනත් රටක පුරවැසිකම හිමි අයට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ දීම ජාතික ස්වාධිපත්‍යයට සහ ස්වෛරීභාවයට තර්ජනයක් බව ද නීතිඥ සංවිධානයේ විශේෂ අධ්‍යයන කමිටුවේ නිගමනයකි. නීතිඥ සංගමයේ විධායක සභාව විසින් පත්කරනු ලැබූ ප්‍රකට නීතිඥයන් 15 දෙනෙකුගෙන් යුත් කමිටුවේ වාර්තාව පෙරේදා (25 දා ) විධායක සභාව වෙත භාර දී තිබේ.

වෘත්තීය සමිතිවාදය නිසා වෛද්‍ය සභාවේ කීර්ති නාමය විනාශ වෙලා – විශේෂඥ වෛද්‍ය සංගමය

වෘත්තීය සමිතිවාදය නිසා වෛද්‍ය සභාවේ කීර්ති නාමය විනාශ වෙලා – විශේෂඥ වෛද්‍ය සංගමය

වෘත්තීය සමිතිවාදය නිසා වෛද්‍ය සභාවේ කීර්ති නාමය විනාශ වී ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආචාර ධාර්මික වෛද්‍ය සේවාවේ අවසානයේ ආරම්භය විය හැකි බවත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කිය යි . ඇතැම් වෘත්තීය සමිති බලපෑම් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා ද තම අත් අඩංගුවට ගත තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ද එම සංවිධානය කියයි. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට ඇමති බලතල යොදාගෙන ඇත්තේ වෘත්තීය සමිතියක තර්ජන නිසා බව කියන එම සංගමය එය සිදුකොට ඇත්තේ විධිමත් පරෙඑඑක්ශංඅයකින් තොරව බව ද ප්‍රකාශ කරයි. වෛද්‍ය අධාපනය සඳහා නිසි ප්‍රමිතියක් නීතිගත කරන්නට මේ දක්වා නොහැකි වීම ගැන ද ඇමෙ සංවිධානය චෝදනා කරයි. වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ බොහෝ විවේචන එල්ල වී තිබිණි . 

චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..

තම පියාවන ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුළුමනින්ම විනාශ කර දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. අද වන විට දුෂණ වලට සම්බන්ධ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකයෙකු සොයා ගැනීමට ඉතා අපහසු යැයි ද ඇය කියා සිටියාය….

ගිවිසුම් ගත පරිදි වරාය ජැටිය , සාම්පුර් බලාගාරය ඉන්දියාවට ඉක්මනින් දෙන්න ; ඩොලර් මිලියන 1000 ණයට ඉන්දීය අගමැති මොදිගෙන් කොන්දේසි

ගිවිසුම් ගත පරිදි වරාය ජැටිය , සාම්පුර් බලාගාරය ඉන්දියාවට ඉක්මනින් දෙන්න ; ඩොලර් මිලියන 1000 ණයට ඉන්දීය අගමැති මොදිගෙන් කොන්දේසි

දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සහ සාම්පුර් හි විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉක්මන් සහ ස්ථිර තීරණ ගෙන ඉන්දියාව දැනුවත් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රී ලනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. දෙදෙනා අතර අද පැවති අන්තර් ජාල සාකච්ඡාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ. ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන…

20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18 ක්

20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18 ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18ක් මේ වනවිට ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වී ඇත . ඒ ඊයේ ඉදිරිපත් වූ පෙත්සම් 18 ක් ද සමග ය. සඳුදා දක්වා පෙත්සම් ඉදරිපත් කළ හැකි ය. පෙත්සම් විභාගය අඟහරුවාදා (29) ආරම්භවීමට නියමිත ය. ඒ සඳහා අගවිනිසුරුතුමා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත. 

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විපක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විපක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පර්ලිමෙන්තුවට ඊයේ දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තුනතුර විපක්ෂයට ලැබිය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තවමත් පත්කොට නැත .