ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යන්න බැහැ .- ජනපති

ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.  “බොහෝ කලකට පෙර, 1980 දශකයේ මුල් භාගයේ දී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගත්තා….

මැතිවරණ නීති සංශෝධන කොමිසමේ කාර්යභාරය

    මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කරන ලද කොමිසමට පහත සඳහන් කාර්යයන් පවරා තිබේ ඔබතුමන්ලා මතු දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු ලබා ගැනීම, විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සම්බන්ධයෙන් මාගේ කොමසාරිස්වරුන් ලෙස මෙයින් පත් කරමි. එහි කරුණු කවරේද යත්, 1.      පවත්නා සියලුම මතිවරණ නීති රීති පිළිබඳව පරීක්ෂා…

විදේශ රැකියා පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය එළිදකියි

 රැකියා සඳහා විදේශ ගතවීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) එළිදැක් වුණි. මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහෝගිතා පිළිබඳ ස්වට්සර්ලන්ත අයතනයේ නිලධාරීන්ගේද සහභගීත්වනි. ජාතික හා ගෝලීය වශනේ ඇතිව තිබෙන නව…

|

ප්‍රභූ ජංගම වෛද්‍ය සේවා පෞද්ගලික අංශයෙන් – රජයේ වෛද්‍යවරු ඉවත් වෙති

  ප්‍රභූ ගිලන්රථ සඳහා වෛද්‍ය සේවා මින් ඉදිරියට පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන් එම සේවාවලින් ඉවත්වීමට තීරණය කිරීම නිසා එම තත්ත්වය උද්ගතව ඇත. ජනාධිපතිවරයා,අගමැතිවරයා,විපක්ෂ නායක ඇතුලු ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේය….

IMF දෙවැනි වාරිකයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්!!!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන ආර්ථික ස්ථාවරත්වය මගින් හටගන්නා විශ්වසනීයත්වය ඊට හේතුවන වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනේ…

චීන නැව අද කොළඹට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පහසුකම් ලබාගැනීම සඳහා නෞකාව කොළඹ වරායට පැමිණෙන බව අමාත්‍යාංශය පැවසුවේය. චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබු අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. කෙසේවෙතත් නෞකාවේ පැමිණීම නෞකාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම…

පොහොට්ටුවට අලි ගහයි

  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය පස්සෙන් ගොස් බුලත් දී ඉල්ලා ගත් එකක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කල ආරාධනය පිළිගෙන ජනාධිපති ධුරයට පත්වූ බවද හෙතෙම පැවසීය. රට පත්ව ඇති තත්ත්වයෙන් බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ…

විදෙස් වෛද්‍ය උපාධිවලට ශ්‍රී ලංකාවේ පිළිගැනීම

  ලොව පිළිගත් සරසවිවල වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1 ස්ථානයේ සිට 1000 ස්ථානය දක්වා සිටින සරසවි වෛද්‍ය උපාධි සඳහා මෙරට පිළිගැනීම හිමිවෙයි. මේ දක්වා මෙබඳු පිළිගැනීමක් නොතිබූ අතර විදෙස් උපාධි ලැබුවන්ට මෙරට දී වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවසර නොතිබිණි. ඒ සඳහා…

සහාය නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවනවා – ජනපති තීරණයක් ගන්න හදයි!

ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බවද වාර්තාවේ.ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති…

සමාජ මාධ්‍ය නියාමනයට අලුත් පනත් කෙටුම්පතක් !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (23) දැනුම්දී ඇතැයි වාර්තාවේ.ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි ද පැවසේ.කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත්…

ලංවිමය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා…

රටවල් 7කට නිදහස් වීසා

  සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන පියවරක් ලෙස රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු…