මැතිවරණ නීති සංශෝධන කොමිසමේ කාර්යභාරය

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කරන ලද කොමිසමට පහත සඳහන් කාර්යයන් පවරා තිබේ
ඔබතුමන්ලා මතු දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු ලබා ගැනීම, විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සම්බන්ධයෙන් මාගේ කොමසාරිස්වරුන් ලෙස මෙයින් පත් කරමි.
එහි කරුණු කවරේද යත්,
1. පවත්නා සියලුම මතිවරණ නීති රීති පිළිබඳව පරීක්ෂා කර බලා පහත සඳහන් කරුණූ වලටද විශේෂ අවධානයක් යොමු කරමින් කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
i. කාන්තා හා තරුණ නියෝජනය වැඩිකිරීම.
ii. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩු කිරීම.
iii. ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිත කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම.
iv. විදේශගත ස්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය
v. එකම පුද්ගලයෙකුට මහජන නියෝජියතයින් තෝරා ගැනීමේ මැතිවරණ 02කට තරඟ කිරීමටත්, සහ තේරී පත්වුවහොත් එකවර අදාළ සභා දෙකම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීම (උදා: පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති පුද්ගලයෙකුට පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දී එයටද තේරී පත්වුවහොත් එකවර සභා දෙකම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීම)
vi. මැතිවරණ දිනයේදී මැතිවරණ කටයුතු වෙනුවෙන් සේවාවන් සපයනු ලබන රාජ්‍ය අංශයේ සේවය කරනු නොලබන ඡ්න්ද දායකයින්ටද තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දීම.
vii. මහජන නියෝජිතයින් තෝරා ගැනීම සඳහා සමානුපාතික නියෝජන ක්‍රමයට පමණක් සීමා නොවී සමාජයේ බහුත්ව ස්වරූපය සැලකිල්ලට ගෙන එම බහුත්ව ලක්ෂණද නියෝජනය වන පරිදි කේවල ක්රමයද සමඟ සම්මිශ්‍රණය වූ සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම.
2. දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.
3. දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටු කිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හදුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.
4. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසහනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීතිරීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.
තවද පූර්වෝක්ත කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික අගවිනිසුරු ජනාධිපති නීතිඥ ගරු. වෑවගේ
ප්රියසාත් ජෙරාඩ් ඩෙප් මැතිතුමා වන ඔබ මම මෙයින් පත් කරමි.
තවද පූර්වෝක්ත කරුණු පිළිබඳව ඔබහට පෙනී යන පරිදි අවශ්‍ය විය හැකි පරීක්ෂණ සහ සියලුම විමර්ශන පැවැත්වීමට ඉහත කී කොමසාරිස්වරුන් වන ඔබහට මෙයින් බලය හා අධිකාරිය පවරන අතර ම, මෙම බලය ලබා දීමෙන් මාස හයක් (06) ඇතුළත ඔබගේ පරීක්ෂණ සහ විමර්ශනවල සොයාගැනීම් සහ ඊට අදාළ ඔබගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මා වෙත ඉදිරිපත් කරන මෙන් ඔබතුමන්ලාට මෙයින් නියම කරමි.
හිටපු අග විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතාගේ සභාපතිඔත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ එස් අරුමිනායගම්, ඒ සේනානායක, නලින් ජේ අබේසේකර, ආර් එන් සී සේනාරත්න පෙරේරා, ඒ එල් එම් සලීම්, සගර්රිකා දෙල්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු, සහ දීපානි සමන්තා රුද්‍රිගු ය.
