‘දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි’ – එජාප සභාපති වජිර අබේවර්ධන

    දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. විසබීජ ගොඩක් දේශපාලන ධාරාවේ  තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඒ විසබීජ ජන සමාජයේ යහ පැවැත්මට හානිකර බව කීය. ජාතිවාදය සහ ආගම්වාදය යනු ප්‍රබල  විසබීජයක් බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය. පිටකෝට්ටෙි සිරිකොත…

අග-මුල නොතේරීමේ වින්නැහිය – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

බොහෝ දෙනකු වටහාගෙන නැති කරුණක් වන්නේ පසුගිය වසරක කාලය තුළ පාර්ලිමේන්තුව ඉතා බලසම්පන්න තත්ත්වයකට පත්කර ඇති බවයි. එහෙත් ඒ සමගම පැන නගින ප්‍රශ්නයක් වන්නේ පාර්ලිමේන්තුවට එසේ ලැබී ඇති බලතල භාවිත කිරීමට විපක්ෂයට හැකියාවක් ලැබී තිබේද යන්නයි. අනෙක් අතට රට නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් විපක්ෂයට ලැබී ඇති බලතලත්, කාර්ය භාරයත් මහජනතාවගේ සුබසිද්ධියට අදාළ වන…

|

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

අද (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි. මේ අතර දින 364 බිල්පත් ඵලදා…

විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 541 ක් දක්වා ඉහළට

  පසුගිය ජුලි මසදී අමෙරිකානු ඩොලර් මිලියන 541ක මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. එය පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී  78%ක ඉහළ යාමක් බව වාර්තා වෙයි. එමෙන්ම මෙම වසරේ විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3363.6ක මුදලක් මෙරටට ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ආනයන සීමා ලිහිල් කරමින් නුදුරේදීම තවත් ගැසට්ටුවක්

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි….

මහ බැංකුව තවත් මෙවලමක් අතට ගනී ! ~ ඉකොනොමැට්ටා

පසුගිය මැයි 25 දින අප විසින් පළ කළ “ලබන සතියේ මොනවා වෙයිද?” ලිපිය අවසන් කළේ මේ විදිහටයි. “මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට…

‘ලංකාවේ විපක්ෂ නායක ගිනස් වාර්තාවක් තිව්වා’ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත්  විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම්…

EPF පෙත්සම විභාගයට නොගෙන ඉවත දමයි

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක්…

අසාත්මික මරණවලට හේතුව හොරණ ඖෂධය

උග්‍ර අසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුවූ Co-Amoxiclave For Inj – BP 1.2g නමැති ප්‍රතිජිවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර මගින් පරීක්ෂණයක් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත. ඖෂධ භාවිතය හේතුවෙන් උග්‍ර අසාත්මිකතා ඇතිවී මියගිය රෝගීන් දෙදෙනකු භාවිත කර ඇත්තේද ප්‍රතිජීවක ඖෂධ දෙකක් බව ඖෂධ අසාත්මිකතා හේතුවෙන් වාර්තා වූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ…

සෞඛ්‍ය ඇමතිට විශ්වාස භංගය අද, හෙට නැහැ

    සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන  බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාව අද හෙට දිනවල විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. එම යෝජනාව සංහා අද හෙට සහ අනිද්දා දින ලබාදිය හැකි බව රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්න ද එය ඉදිරිපත් කිරීමට සජබය එකඟ වී නැත….

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය නිදොස්කොට නිදහස් !

දුරකථන සංවාදයකට අදාළ හඬපටයක් හේතුවෙන් වැඩතහනමට ලක්ව සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඩිල්රුක්ෂි මහත්මිය අතර සිදුවුණු දුරකථන සංවාදයක හඬපටයක් 2019 වසරේදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ අතර ඒ හේතුවෙන් 2019 සැප්තැම්බර්…

ඊ පී එෆ් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම ඉවත දමයි

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සිදුකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල යටතේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන කර ඇති සේවක අර්ථ සාධක අරමුදලේ පොලිය අඩු කිරීමට ගෙන ඇති තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප…