ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව විභාගයට

  ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු තිදෙනෙකුට ඊයේ (08) සිතාසි නිකුත් කෙළේය. මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්…

මහින්ද දේශපාලන අවස්ථාවාදියෙක් බව සයිටම් ලොක්කා කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන අවස්ථාවාදියෙකු බව මාලඹේ සයිටම් ආයතනයේ හිමිකරු වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු   ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. සයිටම් ආයතනයේ ප්‍රධාන විධායකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් එම ආයතයේ ආචාර්යවරුන් සමග අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නෙවිල් ප්‍රනාන්දුගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පාලන සමයේ  සයිටම් ආයතනය ආරම්භ කිරීමට සහාය ලබාදී කටයුතු කරනු…

ශ‍්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වේ!

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වමේ පක්‍ෂයක් වූ ශ‍්‍රී ලංකා කොමිනියුස්ට් පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ ජාතිවාදී පරාදීන ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. සිය දේශපාලන ඉතිහාසයේ වරින් වර විවිධ පක්‍ෂ සමග සංධාන ගත වූ කොමිනියුස්ට් පක්‍ෂය  අවසාන වශයෙන් සංධාන ගත වූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී හිටපු…

ඇමති මාරුවක් ලගදීම – තිලක් මාරපනට යලිත් ඇමතිකම

ඉතා ඉක්මනින් ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් අමතිමරුන් කිහිප දෙනකුගේ අමාත්‍යංශ වෙනස්වන බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . අවන්ගාඩ් සමාගමේ අවි ගබඩාව නීත්‍යනුකුල බව කීම නිසා ඇති වූ විරෝධය මත ඉල්ලා ඇස වූ තිලක් මාරපන මහතාට යලිත් අමාත්‍යාශය ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි . මේ වනවිට අවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂක  ව්‍යාපාරය රජයට…

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ ඩබල් ගේම්

මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා අනුමැතිය හිමිවීමත් සමග ප්‍රධාන කණ්ඩායම් දෙකක් දැඩි විරෝධය දක්වමින් සිටී. එක් කණ්ඩායමක් වෛද්‍යවරුන් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයයි. අනෙක් කණ්ඩායම් වෛද්‍ය සිසුන් ප්‍රධාන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. මෙම කණ්ඩායම් දෙක අතරින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය කාලය පුරාම විවිධ හේතු ඉදිරිපත් කරමින් වැඩවර්ජන සිදුකළ අතර ඒ…

ජනවාරි 08 බලවේගය නව ව්‍යවස්ථාව උදෙසා බලමුළු ගැන්වේ.

ජනාධිපතික්‍රමය ඉවත්කර ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා තීරණය කිරීමත් සමග මෛත්‍රිපාල සිරීසේන මහතා ජනාධිපතිවරයා විධායක ලෙස පත්කර ගැනීමට පෙරමුණගත් සිවිල් සංවිධාන හා පුරවැසි බලවේග එක පෙරමුණක් ලෙස සංවිධානයවීමේ ඉහල පෙලේ සාකච්ඡාවක් පසුගිය දා පැවැති බව යුක්තියට වාර්තාවේ. සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජිත සේනාරත්න, මංගල සමරවීර මෙන්ම නව ව්‍යවස්ථාවක් හා…

SAITM ගැන අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි – මහින්ද රාජපක්ෂ

වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ සයිටම් පුද්ගලික ආයතනය පිළිබඳව පසුගියදා ලබා දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු යැයි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය 31වනදා ශ්‍රී මහා බෝ සමිඳුන් සහ ස්වර්ණමාලී චෛත්‍යාරාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන්…

විධායකය අහෝසිකිරිම ගැන ජනාධිපතිගේන් විශේෂ ප්‍රකාශයක් හෙට

විධායක ජනාධිපති ක්‍රමය  අහෝසිකිරිම ගැන  විශේෂ  ප්‍රකාශයක් කිරීමට  ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව  තතු දත් අංශ කියයි . හෙට නිදහස් දින ජාතිය අමතමින් මෙම ප්‍රකාශය කරනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි . ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විපක්ෂනායක තුමත් අතර පසුගිය සති අන්තයේ පැවතී සාකච්චාවකින්පසුව ජනාධිපතිතුමා මෙම තීරණය ගත් බව කියති

සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

  මාලබේ සයිටම් ආයතනයෙන්, පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි. ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා විසින් ප්‍රකාශයට පත් කරමින්. මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ, තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම…

විධායක ජනාධිපති ක්‍රමය ඉවතට – ජනාධිපති තීන්දුවක !

විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර ජාතික ප්‍රශ්නයට කාටත් එකඟවිය හැකි නව ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මතකර ජනතාවගේ අනුමැතිය ලබාගැනීම සඳහා දේශපාලන නායකත්වය දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය ඇති බව සමීප දේශපාලන ආරංචි මගින් යුක්තියට වාර්තාවේ. වැඩි දුරටත් දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ සන්ධානයේ නායකයින් සමඟ…

නුගේගොඩ රැළියෙන් පසු මහින්ද ඔරෝප්පුවෙන්

පෙරළියක ඇරබුම ලෙස හදුන්වමින් නුගේගොඩ දී පවත් වූ රැලිය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීම නිසාත් එහි දී මහින්දට වැඩ විමල් වීරවංශ පිම්බීමට කටයුතු කිරීමත් ගැන මහින්ද රාජපක්ෂ මහතා කෝප වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . විමල්, ගම්මන්පිල කණඩායම රැලියේ මෙහෙයුම් කටයුතු අතට ගෙන තිබු අතර කුඩම්මාගේ සැලකිලි ලැබූ ප්‍රසන්න රණතුංගට වේදිකාවෙන් බස යාමට…

රාජපක්ෂ පවුලේ කෙනෙහිලිකම් හේතුවෙන් උපාධි පාඨමාලාවකට ගෝඨා චීනයට..!

දේශපාලනය පිළිබඳව විශේෂ හැදෑරීමක් සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා චීන විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය හා රාජපක්ෂ පවුලේ ඇතැමුන් ගෙන් එල්ලවී ඇති කෙනෙහිලිකම් පිළිබඳව ගොඨභය රාජපක්ෂ මහතා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටීම සැලකිල්ලට ගනිමින් මිලින්ද මොරගොඩ මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානියකු විසින් මෙම ආචාර්ය…