විධායක ජනාධිපති ක්‍රමය ඉවතට – ජනාධිපති තීන්දුවක !
විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර ජාතික ප්‍රශ්නයට කාටත් එකඟවිය හැකි නව ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මතකර ජනතාවගේ අනුමැතිය ලබාගැනීම සඳහා දේශපාලන නායකත්වය දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය ඇති බව සමීප දේශපාලන ආරංචි මගින් යුක්තියට වාර්තාවේ.
වැඩි දුරටත් දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ සන්ධානයේ නායකයින් සමඟ පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ය. මෙහිදි ජනාධිපතිවරයාගේ එම තීරණයට තමන්ගේ උපරිම සහාය ලැබෙන බවත්, ඒ සඳහා තම පක්ෂයේ ද පූර්ණ කැපවීම ලබාදීමට තමන් සූදානම් බව ද අගමැතිවරයා මෙහිදි අවධාරණයකර තිබේ.
විපක්ෂ නායක මෙන්ම ද්‍රවිඩ සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා මෙහිදි පෙන්වා දි ඇත්තේ තමන්ට නැවතත් දෙමළ ජනතාවගේ අතරට යා හැකි විසඳුමක් අවශ්‍ය බවත්, එය මේ රටේ මහා ජාතියට ද පිළිගත හැකි විසඳුමක් වියයුතු බව ද සම්බන්ධන් මහතා මෙහි දී නැවත අවධාරණය කළ බව ද දැනගන්නට ඇත.
මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සති කිහිපය තුළ දී ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිත අතර රාජ්‍යයේ ස්වභාවය වැනි කරුණු පිළිබඳව යම් එකගතාවයක් ඇතිවනු ඇති බවට මේ සකච්ඡාවට සම්බන්ධ වූ නියෝජතයෙකුගේ මාර්ගයෙන් දැනගන්නට ලැබී තිබේ.
මෙයට අමතරව නව ව්‍යවස්ථා කෙටුම්පතට මහජන සහාය ලබාගැනීම සඳහා පූළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට නායකයින් තිදෙනා එකග වී ඇති බවත් ඉදිරියේදි මේ සඳහා රට සිසාරා යන යන ප්රචාරක වැඩ පිළිවෙලක් ද දියත් කිරීමට හා එයට දේශපාලන නායකත්වය දීමට ද නායකයින් තිදෙනා ගිවිසගත් බව දැන ගන්නට ඇත.
