ජනමත විචාරණයකට බිය ප්‍රජාතන්ත්‍රවාදයේ හතුරන්– ගාමිණි වියන්ගොඩ

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ද යනුවෙන් කිසිවෙකුට අද ප්‍රශ්නකරන්නට පුළුවන්කමක් නැත. මක්නිසා ද යත්, පවතින ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ සිටම මේ මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුබව බහුතරයක් දේශපාලන පක්ෂ පිළිගත් හ. යම් කිසි හේතූන් නිසා මේ ව්‍යවස්ථාව තිබියයුතු බව පිළිගත් දේශපාලන පක්ෂ ද මේ වන විට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගෙන තිබේ. එපමණක් ද නොව පසුගිය…

කෝප් වාර්තාවට අභියෝගකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

  මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. කෝප් වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන අතර නොමඟ යවන සුළු බව එම පෙත්සමේ සඳහන් වේ. කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් මෙම පෙත්සම ගොනුකර ඇත. කෝප් කමිටුවේ…

ජනමත විචාරණයකින් දිනන්න බැරි නම් මැතිවරණයක් දිනන්නත් බෑ– විදේශ ඇමති මංගල සමරවීර

ජනමත විචාරණයකට බයේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන ව්‍යවස්ථා වෙනසක් නොකරන්නේ නම් මැතිවරණයක් ද ජයගත නොහැකි හෙයින් කළ යුත්තේ ආණ්ඩුව වසාදමා ගෙදර යෑම බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ජනවාරි 22වෙනි දින වොටර්ස් ඒජ් හී දී පැවති සාකච්ඡා සම්මන්ත්‍රණයේ දී ප්‍රකාශ කළේ ය. යෝජිත ව්‍යවස්ථාව කඩිනම් කිරීම හා ජනතාව අතරට නව ව්‍යවස්ථාව පිළිබඳ…

මහින්දගේ ජනප්‍රියතාව හොඳටම බැහැලා – සී අයි ඒ , රෝ තොරතුරු ජී එල් ට දැනුම්දීලා

තම ඔත්තු සේවා තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාවය විශාල ලෙස පහල බැස ඇති බව ඇමෙරිකානු හා ඉන්දීය තැන්පත් සේවා මහාචාර්ය ජී එල් පිරිස් මහතා වෙත දැනුම් දී ඇත . ජනප්‍රියතාවය තවදුරටත් පහල වැටීමට පෙර රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්කර ගන්නා ලෙස එම තානාපති සේවා  මහාචාර්ය ජී එල් පිරිස් මහතාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි…

මෛත්‍රීට ගහන්න :නෑ රනිල්ට ගහන්න” – මහින්ද -වාසු ගැටෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ඔහුව දැඩි ලෙස විවේචනය කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කළ ඉල්ලීමට වාසුදේව නානායක්කාර මහතා දැඩිලෙස විරෝධය පළ කර ඇත. මේ සතියේ පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායකයන්ගේ හමුවේ දී රාජපක්ෂ මහතා කළ එම ඉල්ලීමට එරෙහිව නානායක්කාර මහතා පැයක තරම් කාලයක් ගෙන කරුණු දක්වා ඇත….

බැදුම්කර කෝප් වාර්තාවත් විගණකාධිපති මතයත් මහා බැංකුව නොපිළිගනී – වෙන්දේසි දිගටම – පර්පෙචුවල් සමාගමටත් නිදහස

භාණ්ඩාගාර බැදුම්කර නිකුත්කිරිමෙදී ඒ සදහා ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය වෙනුවට පෞද්ගලික කඩවීම් ක්‍රමය වාසිදායක බවටත් වෙන්දේසි ක්‍රමයෙන් රජයට පාඩු වන බවටත් විගනකධිපතිවරයා දුන් නිර්දේශය පිළිගෙන නැති ශ්‍රී ලංකා මහා බැංකුව බැදුම්කර වෙන්දේසි කිරීම දිගටම සිදු කරමින් සිටින අතර කෝප් වාර්තාවෙන් චෝදනාවට ලක් වූ පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමට දිගටම වෙළදපොළ කටයුතු වල යෙදීමට ද අවස්ථාව ලබා දී ඇත…

ටෙලිකොම් මෑන්පවර් වර්ජනයට වාරණයක් – මවු සමාගමින් ඉහල වැටුප් ලබන ස්ථිර සේවක පිරිසක් සේවයට දුන් තැන ස්ථිර වෙන්න හදලා

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්ථිර පත්වීම් ඉල්ලා ටෙලිකොම් මෑන්පවර් සේවකයන් දින 25ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවමින් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (20) නිකුත් කෙළේය. මෑන් පවර් සේවකයින් ටෙලිකොම් සමාගමේ සේවකයින් ලෙස අනුයුක්ත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ නීතිමය ප්‍රතිපාදනයක් නැති බවත් ඔවුන් පැමිණිලිකාර මෑන්පවර් සමාගමේ ස්ථිර සේවකයින් ලෙස ඉහළ වැටුප්, සේවක වරප්‍රසාද, ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්….

නව ව්‍යවස්ථාව ගැන කථා කිරීමට සම්බන්ධන් ජනපති හමුවේ.

ජනාධිපති ක්‍රමය අවසන්කර ජාතික සංහිඳාියාවක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ ද නැති ද යන්න ස්ථිරව දැනගැනීම සඳහා විපක්ෂ නායක සම්බන්ධන් ජනාධිපතිවරයා හමුවූ බව වාර්තා වේ. විධායක ජනාධිපති ක්‍රමය නැති කර බලය බෙදීම ශක්තිමත් කිරීමට තමන් පියවර ගන්නා බව සම්බන්ධන් මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි ප්‍රකාශ කළ බව දැනගන්නට ඇත. මෙම සාකච්ඡාවට හිටපු…

පුරවැසි සංවිධාන රැස්වීමට තවත් මැතිඇමතිවරු එක්වෙති

රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට පමණක් නොව, නව ව්‍යවස්ථාවක් මෙන්ම ජාතික සංහිඳියාවකට එම ව්‍යවස්ථාව මගපාදන්නක් වියයුතු බවට පිළිගනිමින්, ජනවාරි 08 වෙනසට එක්වූ සිවිල් සංවිධාන සහ පුරවැසි සංවිධාන, එළඹෙන 22වෙනිදා වොටර්ස්ඒජ් හි පැවැත්වීමට නියමිත සාකච්ඡ සම්මන්ත්‍රණයට මැති ඇමතිවරු කිහිප දෙනෙක-ු ද එක්වීමට කැමැත්ත පලකර ඇතැයි දැනගන්නට තිබේ. රාජිත සේනාරත්නට අමතරව මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, මුජිබර් රහුමාන්…

මාධ්‍ය හමුවේ කුජීතවු බන්දුලට මහින්ද මාධ්‍ය තහනම් කරයි.

ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය වාරණයක් පනවා ඇත. පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වය හා දුර්වලතාවය හේතුවෙන් බන්දුලව  මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක ගන්වන ලෙසත් ඒ…

නව ව්‍යවස්ථාවකට සහයදෙන පක්ෂ , සිවිල් සංවිධාන එකතුවක් – ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ සියලු දෙනාට කැදවුම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහය දෙන පක්ෂ, කණ්ඩායම් , සිවිල් සංවිධාන සහ මැති ඇමතිවරුන්ගේ හමුවක් මෙම මස 22 දා සවස 3 ට  වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට සිවිල් සංවිධාන නායකයින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මෙය කැදවා ඇත්තේ සරත් විජේසුරිය , ගාමිණී වියන්ගොඩ , කේ ඩබ්ලිව් ජනරංජන ,සහ සමන් රත්නප්‍රිය විසිනි . රජයේ ප්‍රබල ඇමතිවරයෙකු…

විමල් මහත්තයෝ මේවා බොරුද?

  බොරු නම් නඩු දාන්න නැත්නම් මන්ත්‍රීකම අතහරින්න රුව ඇති දියණියක හා කට ඇති පුතණුවකු පවුලක සිටින්නට ඕනෑ බව අතීතයේ පටන්ම අපේ රටේ පැවතගෙන එන සාම්ප්‍රදායික කියමනකි. එහෙත් අද කාලයේ සිදු වන සිදුවීම් දෙස බලන විට රුව ඇති දියණිය තම රුව වැරැදියට යොදා ගත හොත් එය සමාජ ව්‍යසනයකට මඟ පාදන්නක් බව පැහැදිලිය. එහෙත් එයටත් වඩා…