නව ව්‍යවස්ථාවකට සහයදෙන පක්ෂ , සිවිල් සංවිධාන එකතුවක් – ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ සියලු දෙනාට කැදවුම්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහය දෙන පක්ෂ, කණ්ඩායම් , සිවිල් සංවිධාන සහ මැති ඇමතිවරුන්ගේ හමුවක් මෙම මස 22 දා සවස 3 ට වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට සිවිල් සංවිධාන නායකයින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මෙය කැදවා ඇත්තේ සරත් විජේසුරිය , ගාමිණී වියන්ගොඩ , කේ ඩබ්ලිව් ජනරංජන ,සහ සමන් රත්නප්‍රිය විසිනි . රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන රාජිත සේනාරත්න මහතා මෙයට සම්බන්ධ වන බව තහවුරු කොට ඇති බවත් කොමියුනිස්ට් පක්ෂයද මෙයට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් කියති . මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ සියලු දෙනාට මේ සදහා ආරාධනා කොට ඇත .
