නව ව්‍යවස්ථාව ගැන කථා කිරීමට සම්බන්ධන් ජනපති හමුවේ.
ජනාධිපති ක්‍රමය අවසන්කර ජාතික සංහිඳාියාවක් ඇති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ ද නැති ද යන්න ස්ථිරව දැනගැනීම සඳහා විපක්ෂ නායක සම්බන්ධන් ජනාධිපතිවරයා හමුවූ බව වාර්තා වේ. විධායක ජනාධිපති ක්‍රමය නැති කර බලය බෙදීම ශක්තිමත් කිරීමට තමන් පියවර ගන්නා බව සම්බන්ධන් මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි ප්‍රකාශ කළ බව දැනගන්නට ඇත.
මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ද සහභාගි වූ බව දැන ගන්නට ති්බේ. තව ද අගමැතිතුමාගේ ස්විට්සර්ලන්ත සංචාරයෙන් අනතුරුව දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණෙනු ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.
