ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වැනි දා කිසිම පක්ෂයක් තවම තම අපේක්ෂකයා තවම නම් කර නෑ

නැවත වරක් විශිෂ්ඨ ජයග්‍රහනයකින් තේරී පත් වූ ඉන්දියාවේ හිටපු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ගේ ජයග්‍රහණයට සුභ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුට සුබ පැතූ අතර ජනාධිපතිවරුන් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණ. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වූ ජනාධිපතිවරයා භාෂා පරිවර්තකයෙකු ගේ සහයෙන් මාධ්‍යෙව්දීන් අසන ලද…

ජාතිවාදය පතුරවන වෘත්තිකයන්ට වැඩ වරදි

තම වෘත්තීය බලය උපයෝගි කරගෙන ජාතිවාදය පතුරවන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. එලෙස විධායක හෝ පරිපාලන බලය යොදා නොගෙන පෞද්ගලික මට්ටමින් හෝ ජාතිවාදය පතුරුවා හරින්නට යම් අයකු කටයුතු කර ඇති බවට පැමිණිලි ලද හොත් ඒ පිළිබඳ කොමිසම විසින්ම පොලීසියට…

විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු : සජීවී විකාශය නැවැත්වීමට දෙන්නේ නෑ – කිරිඇල්ල

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සජීවී ලෙස විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. පාර්ලිමේන්තුව ගත් මෙම තීරණයට සමහරුන් අභියෝග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තුවේදී තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායක වරයාට…

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවට

 හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  සහ හිටපු  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ලබන අඟහරුවාදා කැඳවා ඇත . අදාළ සාක්ෂි මත ඉදිරියේදී කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද සදහන්ය.  

ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්තවෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 83 හැවිරිදි වියේ පසුවූවා. 2014 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට හඳුනාගත් පිළිකා රෝගයකින් ඇය පෙළෙමින් සිට තිබෙනවා.

ජනපතිගේ පත්කිරීම් වලට රතන හිමියෝ එරෙහිවෙති.දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක්

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කර ඇත . අද (31) මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට මේ උපවාසය දියත් කර තිබේ. මේ සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියේ…

රාජ්‍ය ආයතන වල සේවිකාවන්ට සාරිය- ඔසරිය අනිවාර්ය කෙරේ

සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින්  දන්වා තිබේ. රාජ්‍ය පරිපාලන හා ආපදා කළනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව දන්වා ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල…

සහරාන්ගේ මිනිමරුවකුට අන්තිම මොහොතේ දුක හිතිලා ?

පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි ජාතික තවුහිද් ජමාත් කණ්ඩායමේ ප්‍රහාරකයකු කිසියම් හේතුවක් නිසා අන්තිම මොහොතේ ප්‍රහාරයේ අදහස වෙනස් කරගෙන ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි . මෙලෙස අදහස වෙනස් කරගෙන ඇතැයි කියන්නේ ටාජ් සමුද්‍රා  හෝටලයේ ප්‍රහාරයට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් ය . ඔහු බෝම්බය රැගෙන හෝටලයට ගිය බව සී සී ටී වී දර්ශන වලින් තහවුරු වෙයි…

තවුහිද් ජමාද් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම තුරන් කළා – පවුල් ලක්ෂ හයක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ සමාරම්භක උත්සවයෙදී අගමැති රනිල් කියයි

ජාතික තවුහිද් ජමාද් ත්‍රස්තවාදී සංවිධානය මේ වනවිට රටෙන් සම්පූර්ණයෙන්ම තුරන්කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නැවත එය ඇතිනොවන ආකාරයට ප්‍රතිව්‍යුහකරණය කර සංහිඳියාවෙන් ඉදිරියට යා යුතු බවද අගමැතිවරයා කීවේය. හදිසි නීතිය ඉවත්කිරීමට පෙර ත්‍රස්තවාදීන් මර්දනය සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට අවශ්‍ය කෙටුම්පතක් නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිතුමියට ලබා දී ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…

වඳ සැත්කම් චෝදනාව ගැන වගකීමෙන් තොර ප්‍රකාශ එපා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

සිසේරියන් සැත්කම් අතරතුර ස්ත්‍රීන් වඳ  භාවයට පත් කලයි වෛද්‍ය ශාෆි සියබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වගකීමෙන් තොර හදිසි ප්‍රකාශ නොකරන ලෙස  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක් මගින් මෙම ඉල්ලීම කොට ඇත . මෙම චෝදනාව …

රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් මාතලේදී ඇරඹෙයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මැදිහත්වීම මත, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 01 වන සෙනසුරාදා මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය…

විදෙස් රටවල් පහක් සංචාරක තහනම ඉවත් කරයි

ශ්‍රී ලංකා රජය රටේ ආරක්ෂාව තහවුරු කොට ඇති බව දැනුම් දීමෙන් පසුව විදෙස් රටවල් පහක් මෙරටට පනවා තිබු සංචාරක සීමා කිරීම මේ වනවිට ඉවත් කරගෙන ඇත . මෙරටට වැඩියෙන්ම සංචාරකයන් එන චීනය , ඉන්දියාව , ජර්මනිය , ස්වීඩනය හා ස්විට්සර්ලන්තය මෙලෙස තහනම ඉවත් කළ රටවල්ය . ඉදිරි දිනවල තවත් රටවල් මෙම පියවර ගනු ඇතැයි අපේක්ෂා…