සහරාන්ගේ මිනිමරුවකුට අන්තිම මොහොතේ දුක හිතිලා ?

පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි ජාතික තවුහිද් ජමාත් කණ්ඩායමේ ප්‍රහාරකයකු කිසියම් හේතුවක් නිසා අන්තිම මොහොතේ ප්‍රහාරයේ අදහස වෙනස් කරගෙන ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි . මෙලෙස අදහස වෙනස් කරගෙන ඇතැයි කියන්නේ ටාජ් සමුද්‍රා  හෝටලයේ ප්‍රහාරයට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් ය . ඔහු බෝම්බය රැගෙන හෝටලයට ගිය බව සී සී ටී වී දර්ශන වලින් තහවුරු වෙයි .එහෙත් බෝම්බය එහිදී පුපුරුවා නොගත් ඔහු දෙහිවල ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට ගොස් ඇත . පසුව පල්ලියට ගොස් පැය කිහිපයකට පසුව පැමිණෙන ඔහු තම කාමරය තුළ බෝම්බය පුපුරුවා ගෙන මිය ගියේය .

මුලින් විශ්වාස කළේ ඔහුගේ බෝම්බය පිපිරවීමේ දෝෂයක් නිසා හෝටලයේදී පුපුරා නොගිය බවයි . එහෙත් ලතීෆ්ගේ ඉරියවු නිරීක්ෂණයෙන් මෙන්ම පසුව බෝම්බය පුපුරා යාමෙන් පෙනී ගොස් ඇත්තේ වෙනත් තත්ත්වයකි .

මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිත් අවසන් මොහොතේ වෙනස්වන අවස්ථා ඇති බව පරීක්ෂකයෝ කියති . එමනිසා වෙනත් රටවල අයි එස් කණ්ඩායම් මරාගෙන මැරෙන බෝම්බ කරුට අමතරව මෙහෙයවන්නකුද යොදවන බවත් මරාගෙන මැරෙන්නා බෝම්බය ක්‍රියාත්මක නොකළහොත් මෙහෙයවන්නාට එය ක්‍රියාත්මක කළ හැකිවන පරිදි දුරස්ථ පාලක උපකරණයක්ද සවිකරන බව කියති . සහරාන්ගේ කණ්ඩායම එම දෙවැනි ක්‍රමය යොදාගෙන නැත .

ටාජ් සමුද්‍රා  හෝටලයේ ප්‍රහාරයට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ගුවන් යනා ඉන්ජිනේරුවරයෙකි . මෙම කන්ඩායමේ සිටි වැඩිම උගත් තැනැත්තා  ඔහුය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *