මිග් යානා ගනුදෙනුවේ වංචාවට ගෝටාභය කොටුවෙයි !

ශ්‍රී ලංකා ගුවන් හමුධාවට මිග් ගුවන් යන මිලදී ගැනීමේදී සිදුව ඇති ඇති විශාල වංචාව සම්භන්ධයෙන් එවකට පිටපු ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ලගදීම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි . ගෝටාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි…

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ගැන තව දෙදෙනෙක් අත් අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ගැන තවත් හමුදා සෙබළුන්  දෙදෙනෙක් අත් අඩංගුවටගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි . ඒ අනුව මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව පහකි . ලසන්ත වික්‍රමතුංග ඝාතනය මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ආදී අපරාධ රාශියකට මොවුන් සම්බන්ධ බව කියති .

කිත් නොයාර්ට පහරදුන් තිදෙනෙක් අල්ලයි

මාධ්‍යවේදී කිත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව යුධ හමුදාවේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔවුන් ඊයේ   (18) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර යුධ හමුදාවේ මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත්…

මහින්ද හිටි හැටියේ සිංගප්පුරු ගියේ කළු සල්ලි සුදු කරන්න..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටි හැටියේ සිංගප්පුරු ගිය රහස අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එලිසබට් රෝහලට ඇතුළු වන බව ප්‍රකාශ වුවද, අදාළ පරීක්ෂණයට පෙර ඔහු එරට ප්‍රධාන බැංකුවකට ගොස් අති විශාල මුදල් හුවමාරුවක් සිදු කර ඇති බව එම ආරංචිමාර්ග පවසයි….

ගෝඨාභය රාජපක්ෂ FCID හමුවට

  යුද ජයග්‍රහණය සිහි කරනු පිණිස අනුරාධපුරයේ ඉදිකළ ‘සඳහිරු‘ සෑයේ තැන්පත් කළ රන් පිළිමවහන්සේලා රත්තරනින් තනවනු වෙනුවට ව්‍යාජ ලෙස රන් ආලේප කර තනවා තැන්පත් කිරීමට කටයුතු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ. මුල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත මීට…

කරන්නාගොඩ ඇතුළු නාවික නිලධාරින් අත්අඩංගුවට ගැනීමට දේශපාලන අධිකාරියෙන් බාධා.

  උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය දෙමළ ජාතික සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙක්  පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ  සිටින නාවික හමුදාවේ නිලධාරින් සහ සෙබළුන් දස දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කොට ඇතත් එහි ඉදිරි කටයුතු සඳහා දේශපාලන අධිකාරියෙන්  හා නාවික හමුදාපති ගෙන් බාධක එල්ලවී…

කොමියුනිස්ට් පක්ෂය ජාතිවාදයට එරෙහිව වෙනම ගමනක ; මැයි දිනයත් තනිවම

මෙතෙක් ලංකා සමසමාජ පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමග එක්ව කටයුතු කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම පෙරමුණෙන් ඉවත්ව මැයි දිනය තනිවම සැමරීමට තීරණය කොට ඇත . අනෙක් පක්ෂ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී දේශපාලනයට සහය දැක්වීම මෙම තිරණය ගැනීමට හේතු වී තිබේ . පසුගියදා රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ඒකමතිකවය . රජ…

‘ඇවන්ගාඩ්’ ට වන්දි ගෙවන තීන්දුවට අභියාචනයක්

  ඇවන්ගාඩ් සමාගමට රුපියල් මිලියන අටසිය හතළිහක් ගෙවන ලෙසට රක්නා ලංකා සමාගමට සිංගප්පූරුවේ සියැක් බේරුම්කරණ මණ්ඩලය ලබා දී තිබෙන තීන්දුවට එරෙහිව එම මණ්ඩලය වෙත මේ 24 දා අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. සිංගප්පූරුවේ අරුල් චව් ඇන්ඩ් පාට්නර්ස් නීතිඥ සමාගම මඟින් රක්නා ලංකා සමාගම විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කරනු ලැබේ. රක්නා ලංකා සමාගම වෙනුවෙන් සිංගප්පූරු නීතිඥ සමාගම…

නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසත් ඕනෑ- මහින්ද රත්නායක

   “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට අරලියහග මැදුරට එන්න කිව්වා. මම එහෙ යනකොට මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් අරලියගහ මැදුරට ඇවිල්ලා හිටියා. සයිටම් එකේ ශිෂ්‍යයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෝට කිව්වේ මං ඉස්සරහා පිට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සභාවේ සභාපති කළේ සයිටම් එකේ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමේ පොරොන්දුව මත බව මම…

ශිරාල් ලක්තිලක ම තොප්පිය දාගෙන

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට සිරිසේන මහතා සමග ගිවිසගත් කරුණු පිළිබඳව සිවිල් සංවිධාන 18 නියෝජිතයින් පිරිසක් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමාව වටකරගෙන සිටින දඩ බල්ලන්ගෙන් වන ජනාධිපතිතුමාට හා යහපාලන ආණ්ඩුවට වන හානිය පිළිබඳව එම නියෝජිතයින් පෙන්වා දී තිබේ. සාකච්ඡාව අවසන් වී එළියට පැමිණෙනවාත් සමග ජනාධිපති…

සිවිල් සංවිධාන සහ ජනාධිපති අතර සාකච්ඡාව සාර්ථකයි

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට එක් වූ හා එහිදි ගිවිසුමක් ඇතිකරගත් සිවිල් සංවිධාන 18ක නියෝජිත පිරිසක් සමග පසුගිය දා පැවති සාකච්ඡාව සාර්තකව නිමා වූ බව යුක්තියට වාර්තාවේ. දැනගන්නට ඇති ආකාරයට සංශෝධනයක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව මෙහිදි ඒ නියෝජිත පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර එයට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු…

ලංකා සමසමාජ පක්ෂයේ වයි. ජී. පත්මසිරි අමු ජාතිවාදයට !

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙක් මෙන්ම එම පක්ෂයේ රුවන්වැල්ල ආසන සංවිධායක වයි. ජි. පත්මසිරි තම ආසන සංවිධාන රැස්විමකට අමු ජාතිවාදි භික්ෂුවක් වන බෙංගමුවේ නාලක හාමුදුරුවෝ වඩම්මාගත් බව යටියන්තොටින් වාර්තාවේ. මේ රැස්විම පවත්වා ඇත්තේ රුවන්වැල්ලේ පිහිටි ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ ශාලාවේ දී ය. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ මේ රැස්විමට කැඳවන බව ආරංචිවීමත් සමග පැරණි සමසමාජ කාරයින් තිස්ස…