ලංකා සමසමාජ පක්ෂයේ වයි. ජී. පත්මසිරි අමු ජාතිවාදයට !
ලංකා සමසමාජ පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙක් මෙන්ම එම පක්ෂයේ රුවන්වැල්ල ආසන සංවිධායක වයි. ජි. පත්මසිරි තම ආසන සංවිධාන රැස්විමකට අමු ජාතිවාදි භික්ෂුවක් වන බෙංගමුවේ නාලක හාමුදුරුවෝ වඩම්මාගත් බව යටියන්තොටින් වාර්තාවේ. මේ රැස්විම පවත්වා ඇත්තේ රුවන්වැල්ලේ පිහිටි ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ ශාලාවේ දී ය. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ මේ රැස්විමට කැඳවන බව ආරංචිවීමත් සමග පැරණි සමසමාජ කාරයින් තිස්ස විතාරණ මහතාට බලකරමින් එය වැළක්වීමට උත්සහා දරා ඇති නමුත් තිස්ස විතාරණගේ ඉල්ලීමට ද ඇහුම්කන් නොදෙමින් වයි . ජී. පත්ම සිරි මේ රැස්විම පවත්වා තිබේ.
විමල් විරවංශ, උදය ගම්මන්පිල වැනි දේශප්‍රේඹින් ඇන්. ඇම් කේන්ද්‍රයට ගෙන්වාගෙන තිස්ස විතාරණට පුවත්පත් සාකච්ඡා පැවැත්විමට හොඳ නම් බෙංගමුවේ නාලක වැනි හිමිනමක් ගෙන්වා රැස්වීමක් පැවැත්වීමේ වරද කුමක් ද යන්න පත්මසිරි තිස්ස විතාරණට හිතවත් පාක්ෂිකයින්ගේ ප්‍රශ්නකර ඇති බව ද දැනගන්නට ඇත
