අද කොවිඩ් මරණ 180 යි ; නව ආසාදිතයින් 3,173 යි

රජය අද නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 180 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320 ක් ලෙස සටහන් වෙයි. අද දිනයේ රජය වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,173 කි. මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 465,940 ක් වශයෙනි.

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කෝවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරය. කෙසේ වෙතත් පසුව නැවතත් ඔහුගේ පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කෙරුණේ මීට…

සීනි මාෆියාවත් ආණ්ඩුවේ ම නිර්මාණයක් ; තරඟකාරී සමාගම් 45 ක් කපා හැරලා

තරඟකාරී  ලෙස මෙරටට සීනි ආනයනය කළ සමාගම් 45 ක බලපත්‍ර අහෝසි කොට සීනි වෙළෙඳපොළ පාලනය කිරීමට විශාල සමාගම් කිහිපයකට ඉඩ සලසා දුන්නේ වත්මන් ආණ්ඩුව විසින් ම බව වෙළෙඳපොළ තතු දත් ආරංචි මාර්ග කියයි. මීට පෙර මෙරටට සීනි ආනයනය කළ සමාගම් සංඛ්‍යාව 67 කි. එම සමාගම් තරඟකාරී ලෙස සීනි ආනයනය කළ නිසා තනි සමාගමකට හෝ සමාගම්…

සමස්ත කොවිඩ් මරණ 10,000 ඉක්මවයි ; අද වාර්තාව 189 යි ; නව ආසාදිතයින් 3,308 යි

ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව අද 10,000 සීමාව ඉක්මවා ගියේ ය. අර වාර්තා කොළ කොවිඩ් මරණ 189 ක් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වුයේ 10,140 ක් වශයෙනි. අද රජය වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,308 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 462,767 ක්…

මිලින්ද මොරගොඩගේ “කැබිනට්” පත්වීම පිලිගන්න ඉන්දියාව බෑ කියයි

ඉන්දුයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම කැබිනට් ඇමති මට්ටමේ පත්වීමක් ලෙස පිළිගත නොහැකි බව ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය දැනුම් දී ඇත. එබැවින් කැබිනට් ඇමති  තත්ත්වය යන යෙදුමෙන් තොරව නව ලිපියක් ඉදිරිපත් කරන ලෙස ඒ මහතාට දැනුම් දීමක් කර ඇති බව ද වාර්තා වෙයි. නව දිල්ලි නුවර සිටින කිසිදු විදේශ තානාපත්වරයකුට…

සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 8,000 කින් ඉහළට

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 8,058 කින් ඉහළ ගොස් ඇත. ඊයේ 451,401 ක් ලෙස සටහන් වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව අද සවස සටහන් වුයේ 459,459 ක් වශයෙනි. පසුගිය දිනවල රජයේ නිල සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් නො වූ 4,725  අද දහවල් එකතු කිරීම නිසා සාමස්ත ආසාදිත සංඛ්‍යාව 456,126 ක්…

“මැණිකේ මගේ හිතෙත්” අර්ථික විද්‍යාව – ධනනාත් ප්‍රනාන්දු

ගුවන් විදුලිය සහ රූපවාහිණිය ජනප්‍රිය වුණු කාලේ ගායකයෙක්ට තමන්ගෙ ම ගීතයක් ප්‍රචාරය වෙනවා කියන්නෙ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ප්‍රචාරය කිරීම සැලකුවෙ ගෞරවයක් විදියට. ජනප්‍රියභාවයෙන් ලබා දෙන ගෞරවයට අමතරව කතෘභාගය කියල මුදලකුත් ගෙව්වා ගායකයට, සංගීතවේදියාට සහ පද රචකයට. කාලය වෙනස් වුණා. පස්සේ ගීතයට කතෘභාගය ගෙවීම කෙසේ වෙතත් ගීතය ජනප්‍රිය කරල දෙන්න අදාල නාලිකාව සල්ලි ගත්තා….

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 450,000 ඉක්මවයි

මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද 450,000 ඉක්මවා ගියේ ය. අද රජය නිවේදනය කළ 3,646 ක නව ආසාදිත සංඛ්‍යාවත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 451,401 ක් වශයෙනි. අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 202 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව…

ආණ්ඩුවේ මිලට සහල් දෙන්න බෑ ; සහල් මෝල් වහන්න මෝල් හිමියෝ තීරණය කරති

හදිසි නීති පනවා ආණ්ඩුව නියම කොට ඇති මිල ගණන්වලට සහල් ලබා දීමට නොහැකි බව තීරණය කොට ඇති ප්‍රධාන පෙළේ මෝල් හිමියන් තම සහල් මෝල් වසා තබන්නට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙය සහල් මෝල් හිමියන් සාකච්ඡා කොට ගත්  සාමුහික තීරණයක් බව ද වාර්තා වෙයි. වී සඳහා ගෙවා ඇති මිල අනුව රජය නියම කොට ඇති…

සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමට ජනාධිපති කන්දෙයි ; ඇඳිරි නීතිය තව සතියකින් දීර්ඝ කරයි

දැනට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද එකඟත්වය පලකොට තිබේ. සෞඛ්‍ය බලධාරීන් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගත් මෙම තීරණය අනුව ලබන 13 දා , සඳුදා පෙරවරු හතර දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කොට තිබේ. දැනට පනවා ඇති ඇඳිරි නීතියෙන් උපරිම ප්‍රයෝජනය ලැබීමට නම් කොවිඩ් තත්ත්වය තව දුරටත්…

තවත් ගැසට්ටුවක් ! සහල් – සීනිවලට උපරිම සිල්ලර මිලක් යළිත් !

  සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ  (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මීට පෙර ද මෙබඳු ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුවා ද ඒවා මගින් මිල පාලනය කළ නොහැකි වී ය. මෙවර ආණ්ඩුව මෙම මිල පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කොට ඇත. ආණ්ඩුව ඊයේ නිකුත් කළ…

වැඩබැරි ආණ්ඩුවට හදිසි නීතියෙන් කළ හැකි ඉටිගෙඩියක් නෑ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදිසි නීති විධි විධාන පැනවූවා නම් සතියක් ඇතුළත එහි ප්‍රතිඵල පෙන්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. රට පාලනය කිරීමට අවශ්‍ය සියලූ බලතල තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපොහොසත් වූ රජයට දැන් හදිසි නීතිය…