විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ම ඉවතට

  විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. එසේ තීන්දු කළේ මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සමේ වග…

|

වහා ම තනතුරෙන් අස්වෙනු ! වසන්ත මුදලිගේ ජනාධිපති රනිල්ට නියෝග කරයි !!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා ම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පන්නන බවත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය. රජා එලවූ තමන්ට දොරටුපාලයා එළවීම කජ්ජක් නොවන බව ද ඒ මහතා කී ය. ආණ්ඩුව ද ඉල්ලා අස් විය යුතු බව මුදලිගේ මහතා…

ණය ගැන ලෝක සමුළුව අද නව දිල්ලියේ දී

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන පොදු සහන ක්‍රියාවලියක් ගැන පළමු ජාත්‍යන්තර සමුළුව අද නව දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානය කල මෙම සමුළුවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය, ඇමෙරිකාව, බ්‍රතන්‍යය ,ප්‍රංශය, ජර්මනිය , කැනඩාව, ජපානය සහ ඉතාලිය යන රටවල් ද ලෝක බැංකුව ද සහභාගීවීමට නියමිත…

ජනක රත්නායක දැන් හිටියත් එකයි , නැතත් එකයි ලු ; ඉවත් කරන්න හදිසියක් නෑ !

  විදුලිය සැපයුම යතාවත් කිරීමේ උත්සාහයන්ට දිගින් දිගට බාදා කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමට මුලින් අදහස් කොට තිබුණ ද දැන් එබඳු හදිසියක්  නැති බවත්, ඔහුට දැන් කිසිවක් කළ නොහැකි බවත්, විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහු කියති. හිතුවක්කාර ලෙස ක්‍රියාකරන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට කිසිදු විශේෂ නීතිමය බලයක් ලබා දී නැති බවත්,…

විදුලිය ගොඩ දමන්න රාජ්‍ය බැංකු දෙකෙන් බිලියන 72 ක්

  ලංකා විදුලි බල මණ්ඩලයට ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 22 ක් ද, මහජන බැංකුවෙන් බිලියන 50 ක් ද ඊයේ අනුමත කොට ලබා ගැනීමට හැකි වූ බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාව දී ප්‍රකාශ කළේය. කලින් සාකච්ඡා කොට තිබු මෙම ණය මුදල් අනුමත කිරීම ප්‍රමදවෙමින් පැවතියේ ලංවිමයේ ආපසු ගෙවීමේ හැකියාව…

අද සිට විදුලි කැපිල්ලක් නෑ

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන්…

මැතිවරණය කල්දාන සම්මුතියකට සාකච්ඡා ?

  පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සම්පාදනය කිරීමේ භාණ්ඩාගාරයේ හැකියාව අනුව නිශ්චිත කාලයක් සඳහා ඡන්දය කල් දැමීමේ එකඟත්වයක් සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මැතිවරණ කොමිසමේ බලවතකු මෙම උත්සාහයට මුල් වී ඇති අතර ඔහු රජයේ ඉහළ බලවතෙකු හමු වී සාකච්ඡා කොට ඇති බව ද කියති. පසුගිය කාලයේ බලවත්ව සිටි දේශපාලන ප්‍රබලයකු…

නව සංශෝධනයෙන් ගෘහස්ත විදුලි ගාස්තුවේ උපරිම වැඩිවීම රුපියල් 3080 යි

  ලංකා විදුලිබල මණ්ඩලය අද සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ත පාරිභෝගිකයින්ගේ උපරිම ගාස්තු වැඩිවීම රුපියල් 3080 ක් බවට ගණන් බලා ඇත. එම ප්‍රමාණයෙන් ගාස්තු වැඩි වන්නේ ඒකක 90 කට වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා ය. නව සංශෝධනය අනුව ඒකක 30 ක් පරිභෝජනය කරන පාරිභෝගිකයකුගේ ගාස්තු වැඩිවීම රුපියල් 940 ක් වන අතර…

|

අනුර කුමාර දිසානායක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගිහින් !!!

  පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය පිලිබඳ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපතිතුමා අතට ලැබුණු බවත්, මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව එහි සඳහන්ව තිබු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. එම වාර්තාව දුටු මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතගේ මුහුණ ඇඹුල් වූ…

කොමිසමේ අනුමැතිය ලැබේ ; අද සිට විදුලි ගාස්තුව ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි . ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ. ඒකක…

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ ගන්නේ නෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට…

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්ප ද අවශ්‍ය වන බව කොළඹ අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා…